පුදනකොටම කාපි යකා.. මුරුත්තෙට්ටු හිමි කුලපති කලාට කොළඹ විශ්ව විද්‍යාලයෙන් විරෝධය.. ජනපතිට දැනුම් දෙයි..

November 2, 2021 at 10:22 pm | lanka C news
පුදනකොටම කාපි යකා.. මුරුත්තෙට්ටු හිමි කුලපති කලාට කොළඹ විශ්ව විද්‍යාලයෙන් විරෝධය.. ජනපතිට දැනුම් දෙයි..

කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපති පදවිය සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කිරීම සම්බන්ඳව විරෝධය පළ කරන බව එම විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය බව කියා සිටියි.

අදාළ සම්පූර්ණ ලිපිය මෙසේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපති පදවිය සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කිරීම සම්බන්ඳව ජනාධිපතිතුමා වෙත යොමුකරන ලද ලිපිය.

“ඕනෑම විශ්වවිද්‍යාලයක ඉතාමත් ගෞරවනීය ම සහ උත්තරීතර ම පදවිය ලෙස හඳුන්වනු ලබන්නේ විශ්වවිද්‍යාලයේ කුලපති තනතුරයි.

කුලපති තනතුර සඳහා ව්‍යවස්ථාපිත පරිපාලන බලතල කිසිවක් නොමැති වුවද විශ්වවිද්‍යාලයේ ගෞරවයේ සංකේතය වන්නේ කුලපති තනතුරයි.විශේෂයෙන්ම උපාධි ප්‍රධානෝත්සවයේදී උපාධිය පිරිනැමීම ඇතුළු ගෞරවනීය අවස්ථාවන්හිදී කුලපති හරහා විශ්වවිද්‍යාලය නියෝජනය වන්නේ එම නිසාය.

කෙසේ නමුත් කොළඹ විශ්වවිද්‍යාලයේ මීළඟ කුලපති තනතුරු සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් රජය විසින් පත්කොට ඇත.

නමුත් කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ ශිෂ්‍ය ප්‍රජාව ලෙස එම පත් කිරීම සඳහා අප එකහෙළා අපගේ විරුද්ධත්වය ප්‍රකාශ කර සිටින්නෙමු.

මන්ද විශ්වවිද්‍යාලයක කුලපති තනතුරු යනු කිසිදු විටක දේශපාලන පත් කිරීමක් හෝ දේශපාලන න්‍යාය පත්‍රය අනුව සිදු නොවිය යුතු බව අප විශ්වාස කරන බැවිනි.

තවද විශ්වවිද්‍යාලයේ පරිපාලනයේ ස්වාධීනත්වයක් ගෞරවයත් ආරක්ෂා වන්නේ එම තත්ත්වය තුළ ය. නමුත් විශ්වවිද්‍යාලයේ කුලපති තනතුරට දේශපාලනික පත්කිරීමක් සිදුකිරිම තුළ විශ්වවිද්‍යාලයේ පරිපාලනයේ ස්වාධීනත්වයත්,විශ්වවිද්‍යාලයේ ගෞරවයක් යන දෙකම විනාශ වී යා හැකි බවට අප විශ්වාස කරන්නෙමු.

එබැවින් විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ කීර්තිමත් ඉතිහාසයක් සහ වර්තමානයේ ද කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන කොළඹ විශ්වවිද්‍යාලයට මෙම දේශපාලන පත් කිරීම සිදුකිරිම සම්බන්ධයෙන් මහා ශිෂ්‍ය සංගමය ලෙසත් සමස්ත සිසු ප්‍රජාව වෙනුවෙනුත් අපගේ දැඩි විරෝධය ප්‍රකාශ කර සිටින්නෙමු”.

මහා ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය

200,396 views

53 Comments to “පුදනකොටම කාපි යකා.. මුරුත්තෙට්ටු හිමි කුලපති කලාට කොළඹ විශ්ව විද්‍යාලයෙන් විරෝධය.. ජනපතිට දැනුම් දෙයි..”

  1. charles says:

    GOTA has become a mad cow.

  2. Jayantha says:

    Yes….Chancellor is an honorable post…
    He is not upto standered at all…

    ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සරසවියක් ලෙස ලෝකයෙන්ම පිළිගැනීමට ලක් වූ ( World recognized university )කොළඹ විශ්වවිද්‍යාලයට කිසිසේත්ම විද්‍යාර්ථියෙකු නොවූ උන්වහන්සේගේ පත්වීම කිසිසේත්ම ගැලපෙන්නේ නැත..
    වෘත්තීය සටන් වල දී පවා ජුගුප්සාජනක දේවල් සිදු කළ, හෙදියන් අතර වෘත්තීය ඊර්ෂ්‍යාව කුළු ගන්වන කුළුගන්වන උන්වහන්සේ එයට කිසිසේත්ම සුදුසු නොවේ.

  3. saman says:

    මුන් වහන්සේ වගේ අය මී කඩන්නේ අත් ලෙව කන්න නෙවෙයි.

    • Samanthas says:

      පසුගිය සමයේ සැරට ගේම ඉල්ලලා එක පාරටම කට වහගෙන ගොන් වහන්සේම announce කරනවා මම 17 ඉඳන් පත් වෙනවා කියලා..

      මහ ලොකු සංඝරත්නය!!

  4. ජෝතිපාල says:

    කලින් හිටියේ සුදුසුකම් තියෙන කෙනෙක්ද?

    • ලජ්ජා නැති මං says:

      අඩෝ ජෝතිපාල, කලින් හිටිය ස්වාමීන් වහන්සේගේ සුදුසුකම් උබ දන්නේ නැත්නම් කැලණි විශ්වවිද්‍යාල ඉස්සරහට වරෙන් පෙන්වන්න.

  5. Citizen says:

    පුලුවන්නම් උපාධි ප්‍රධානෝත්සවය වර්ජන්ය කරපල්ල.(උත්සවයකින් දුන්නත් නැතත් සෙමෙස්ටර් ටික සමත් නම් උපාධිය හිමියිනෙ, ඒක නොදී ඉන්න සක්කරයටවත් බෑනෙ) හරක් වගේ පෝලිමේ ගිහිල්ල බෙල්ලට මාලෙ දාගෙන පොටෝ එක ගහගන්න තියෙන ප්‍රාථමික ආසාව නිසා උපාධි හරක් කවදාවත් ඒක වර්ජනය කරන්නේ නෑ.

  6. Open mind says:

    ගණිත ආචාර්ය.පදවි පුදනකොට කොහේ සිටියේද ?

  7. Felix says:

    There is no such creditability for UoC now these days! It vanished sooner awarding the PhD for power and money…!