පුද්ගලයෙකුට තියුනු ආයුධ වලින් පහරදී කිලිනොච්චියේදී ඝාතනය කෙරේ…

November 17, 2020 at 5:30 pm | lanka C news
පුද්ගලයෙකුට තියුනු ආයුධ වලින් පහරදී කිලිනොච්චියේදී ඝාතනය කෙරේ…

කිලිනොච්චිය පලෙයි පොලිස් වසමේ තම්බකාමම් ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කොට ඇති බවට පලෙයි පොලීසිය පවසයි.

තම්බකාමම් හා මාමුනායි ප්‍රදේශය දක්වා වැටී ඇති මාර්ගයේ එම පුද්ගලයා ඝාතනයට ලක් වීමට පෙර යතුරුපැදියකින් ගමන්කරමින් සිටින අතර වාරයේදී කලපු සහිත් ප්‍රදේශයකිදී කිසියම් පිරිසක් විසින් සැඟව සිටි තියුණු ආයුධවලින් එකවරම පහරදීම සිදු කොට ඇති බවටත් අදාල පහරදීමෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් සිිටි බවට පලෙයි පොලීසිය අනාවරනය කොට ගෙන ඇත.

අදාල පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පෞද්ගලික ආරවුලක් මත මෙම පහරදීම සිදු කොට ඇති බවට පොලීසිය සැක පල කර සිටියි.

මෙසේ ඝාතනය වී ඇත්තේ මාමුනායි ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ධනබාලසිංහම් කුලසිංහම් නැමත්තෙකු වන අතර ඝාතකයින් සොයා පුලුල් පරික්ෂණයක් අරඹා ඇති බවටද පලෙයි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,969 views

2 Comments to “පුද්ගලයෙකුට තියුනු ආයුධ වලින් පහරදී කිලිනොච්චියේදී ඝාතනය කෙරේ…”

  1. saman says:

    Watch more Tamil Movies

  2. cobra says:

    LTTE දෙමල මෙලෙච්චේද ගතිය නැවත පටන් අරන්

Main News