පුද්ගලයෙකු කපා කොටා මරයි…

December 5, 2021 at 8:40 am | lanka C news
පුද්ගලයෙකු කපා කොටා මරයි…

කොළඹ කෙසෙල්වත්ත යෝන් වීදිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ මෙසේ ඝාතනය කර ඇත්තේ කෙසෙල් වත්තේ ‘පවාස්’ ඇමති පුද්ගලයකු බවයි.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් තියුණු ආයුධවලින් කපා කොටා මෙම ඝාතනය සිදුකර තිබේ.

වයස අවුරුදු 32ක් වන ඝාතනයට ලක්වූ පුද්ගලයා මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව ඇප මත නිදහස ලබා සිටින්නෙකි.

සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදු කරන අතර දැනට කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත.

13,991 views
Main News