පුද්ගලයෙකු කපා කොටා මරා දමලා…

March 29, 2021 at 5:30 pm | lanka C news
පුද්ගලයෙකු කපා කොටා මරා දමලා…

යාපනය පූතූර් ප්‍රදේශයේ නිවසකට ඇතුලු වූ පිරිසක් විසින් පුද්ගලියෙකුට තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කොට තිබූ මළ සිරුරක් සොයාගත් බවට අච්චුවේලී පොලීසිය පවසයි.

පූතූර් ප්‍රදේශයේ පිහිටි අදාල නිවසේ ඝාතනය ලක් වූ පුද්ගලයා පමණක් තනිවම සිටින අතරම එසේ සිටින අවස්ථාවක අද අළුයම් කාලයෙ කිසියම් පිරිසක් විසින් නිවසට ඇතුලු වී ඝාතනය කොට ඇති බවට පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.

අදාල පහරදීම සිදු කල පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර පෞද්ගලික හේතුවක් මත මෙම ඝාතනය සිදුව ඇති බවට පරික්ෂණ සිදුකරන අච්චුවේලී පොලීසිය සැක පල කර සිටියි.

මෙලෙස පහරදීමෙන් මිය ගොස් ඇත්තේ 52 හැවිරිදි තුරෙයිරාසා චන්ද්‍රගෝපාල් නැමිත අයෙකුවන අතර ඔහුගෙ මළ සිරුර යාපනය රෝහලේ තැන්පත් කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,708 views
Main News