පුද්ගලයෙකු කපා ලක්ෂ 07ක් පැහැර ගනිති..
June 4, 2018 at 2:02 am | lanka C news
වව්නියාව කූමාන්කුලම් ප්‍රදේශයේදී තියුණු ආයුද ගත් පිරිසක් විසින් 02 රාත්‍රියේ නිවසකට ඊයේ ඇතුල් වී තියුණු ආයුධ වලින් පුද්ගලයෙකුට පහරදී මුදලින් රුපියල් ලක්ෂ 7ක මුදලක් රැගෙන ගොස් ඇති බවට වව්නියාව පොලීසිය කියා සිටියේය.
පහරකෑමට ලක් වූ පද්ගලයා තුවාල ලබා මේ වන විට වව්නියාව මහරෝහලේ ප්‍රතිකාර ලබන අතර පරික්ෂණ සිදුකරන වව්නියාව පොලීසිය කියා සිටියේ තුවාල ලබා ඇති පුද්ගලයා ප්‍රදේශයේ පොලියට මුදල් ලබා දෙන්නෙකු බවටයි.
රාත්‍රිෙය් එක්වරම නිවසේ දොරගුලු කඩා නිවසට ඇතුල් වී නිවසේ බඩු බාහිරාදියටද හානිකොට නිවසේ හිමිකරුට පහරදී අදාල මුදල් රැගෙන ගොස් ඇති බවටත් පැමිණි පිරිස් කව්රුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර එම පිරිස් සොයා පුලුල් පරික්ෂණයක් ආරම්භ කල බවට වව්නියාව පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ