පුද්ගලික අංශයට රජයේ ඉඩම් බද්දට දී ඔවුන් ලවා ගොඩනැගිලි සාදවා රජයම කුලියට ගනී.. කැබිනට්ටුවේ අනුමතයි..
June 29, 2017 at 3:50 pm | lanka C news
රජයට අයත් ඉඩම් පුද්ගලික අංශයට බදු දී ඔවුන් ලවා ඒවායේ ගොඩනැගිලි ඉදිකර එම ගොඩනැගිලි රජයට නැවත කුලියට ගැනීම සදහා වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අගමැති රනිල් වික්රමසිංහ මහතා විසිනි.
මෙහිදී ආයෝජකයා ඉඩම වෙනුවෙන් රජයට ගෙවිය යුතු බදු මුදල ගොඩනැගිල්ල වෙනුවෙන් රජය ලෙවිය යුතු කුලී මුලලට හිලව් කල හැකි නිසා රජයට වාසිදායක යයිද කැබිනට් ප්රකාශක ඇමති ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
මෙම තීරණය ගනු ලැබුවේ ගොඩනැගිලි ඉදිකර ගැනීම සදහා රජයට ප්රමාණවත් මුදල් නොමැතිවීම හේතුවන් යයිද ඔහු වැඩි දුරටත් පැවසීය.