පුද්ගලික ආයතන සේවක පඩි ගෙවන්න සල්ලි අච්චු ගහන යන්ත්‍ර ඉල්ලයි..
May 25, 2022 at 10:22 pm | lanka C news
ඉදිරි මාසයක කාලය තුළ තම සියල්ල ව්‍යාපාරය කඩා වැටීමේ අවදානමකට බක්ව දක්වා ඇතැයි ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංසදය සඳහන් කරයි.
පවතින ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් තව තම ව්‍යාපාර පවත්වාගෙන යා නොහැකි බව ඔවුන් සඳහන් කළහ.
මෙතෙක් කල් තම ව්‍යාපාර පවත්වාගෙන ආවේ ඉතුරු කරගත් මුදල් වලින් බවත් තවත් ඉදිරියට එසේ කරගෙන යාම ඉතා අසීරු තත්ත්වයකට දැන් පැමිණ තිබෙන බවත් ඔවුන් පෙන්වා දෙති.
රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා මුදල් අච්චු ගහන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවත් නමුත් එවිට පෞද්ගලික අංශයේ සේවකයන්ට සිදුවන්නේ කුමක්දැයි සංගමයේ සභාපතිනි ටානියා අභයසුන්දර මහත්මිය ප්‍රශ්න කළාය.
රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නේ මුදල් අච්චු ගැසීමෙන් නම් තමන්ට ද මුදල් මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණ යන්ත්‍රය බැගින් ලබා දෙන්නැයිද ඇය ඉල්ලා සිටියාය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මෙම අදහස් පල කරන ලදී.
ඔබලා රටේ ජීවනාලිය නිසා මේ වගේ නූගත් බුද්ධිය නැති සහ මැර දේශපාලනයට මෙයට වඩා විරෝධය පාන්න පෙරමුණ ගත යුතුයි. ඇගලුම් සහ සියළුම කර්මාන්ත වට්ටවා හැමෝවම රට පටවන එක විතරයි ගෝඪාභය මහත්තයගෙ ඔළුවෙ වැඩ කරන්නෙ. රනිල් මහත්තයට තෙල් හා ගෑස් පෝලිම් නැති කරන හැටි විතරයි මතක් වෙන්නෙ. අපේ රටේ නැතිවන කර්මාන්ත මේ රටට ඩොලර් ගෙන ආවා කියලා මේ අයට අමතකයි.
අයියෝ ඔය ප්‍රශ්ණය විසඳන්න හරි පහසුයි: මහජන බැංකුවෙන් බිලියන 3.5 ක විතර ණයක් ගන්න. පස්සේ කියන්න ගෙවන්න බැහැ කියලා. ඔයාට හෙලිකොෆ්ටර් තියෙන ධනපතියෙක් වුණත් බැංකුව දේපල රාජසන්තක කරලා ණය අය නොකරගෙන ටකස් ගාලා මුලු බිලියන 3.5 ම බොල් ණය හැටියට කපා හරිනවා. සමහර වෙලාවට ඉන්න තැන ලිපිනයවත් ලියාගන්නේ නැතිව තමයි ණය දෙන්නේ 😂😂😂
If it is given to them , can we too borrow that machine?
මේ කතාව සහතික ඇත්ත. රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න කියල දිගින් දිගටම මුදල් අච්චු ගහන එකෙන් පෞද්ගලික අංශයට ලොකු පීඩනයක් එල්ල වෙනව. මූල්‍ය අගය දවසින් දවස දුර්වල වෙනකොට රටේ ආර්ථිකයෙන් 90% ක් ම සපුරන පෞද්ගලික ව්‍යවසායකයන්ට ව්‍යාපාර කෙලින් තියාගෙන ඉන්න බෑ. දැන් ඉන්නෙ මාරාන්තික අඩියක. රාජ්‍ය ආයතන ලාභ ලබන තැනකට ගෙනාවෙ නැත්තන් මේ සෙල්ලම කොහෙන් නතර වෙයිද දන්නෙ නෑ