පුද්ගලික පාසැල්වල දෙවන වාරයේ සම්පූර්ණ ගාස්තු ගෙවන ලෙස දන්වයි.. දෙමාපියන් අමාරුවේ..

May 26, 2020 at 4:40 pm | lanka C news
පුද්ගලික පාසැල්වල දෙවන වාරයේ සම්පූර්ණ ගාස්තු ගෙවන ලෙස දන්වයි.. දෙමාපියන් අමාරුවේ..

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන ඇමති විමල් වීරවංශ මහතා විසින් අධ්‍යාපනල ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති ඩලස් අලහප්පෙරුම මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා,
අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය,
අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය,
ඉසුරුපාය,
බත්තරමුල්ල.

ගරු අමාත්‍යතුමනි,

පෞද්ගලික පාසල්වල දෙවන වාරයේ ගාස්තුව සම්පූර්ණයෙන් අය කිරීම සම්බන්ධවය

කොවිඞ් – 19 ගෝලීය අර්බුදය හේතුවෙන් මෙරට සමස්ත පාසල් පද්ධතියම වසා දමා තිබුණ ද පෞද්ගලික පාසල් බලධාරීන් අප්‍රේල් මාසයෙන් ඇරඹෙන දෙවන පාසල් වාරය සඳහා නියමිත සම්පූර්ණ පාසල් ගාස්තු ගෙවන ලෙස එම පාසල්හි ඉගෙනුම ලබන සිසු දරුවන්ගේ දෙමාපියන්ට මේ වනවිටත් දන්වා තිබේ.

සමස්ත ලෝකවාසීන්ට මෙන්ම මෙරට ජනතාවට ද ආර්ථික දුෂ්කරතා මෙන්ම වෙනත් බොහෝ දුෂ්කරතා මැද දිවි ගෙවීමට සිදුව ඇති මෙවැනි ගෝලීය වසංගත සමයක මෙරට පෞද්ගලික පාසල් බලධාරීන් ගෙන ඇති ඉහත තීරණයෙන් ඒවායේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමව්පියන් බලවත් අපහසුතාවකට පත්ව ඇති බව නොරහසකි.

මෙරට අධ්‍යාපනය හා බැඳී ඇති මෙම ප්‍රශ්නයට මැදිහත්ව සාධාරණ පිළියමක් යෙදීමට කටයුතු කරන ලෙස ඔබතුමන් වෙතින් කාරුණිකව ඉල්ලා සිටිමි.

ස්තූතියි,

මෙයට හිතවත්,

විමල් වීරවංශ (පා.ම)
කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ,
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය

32,621 Viewers

19 Comments to “පුද්ගලික පාසැල්වල දෙවන වාරයේ සම්පූර්ණ ගාස්තු ගෙවන ලෙස දන්වයි.. දෙමාපියන් අමාරුවේ..”

  1. dev says:

    we are paying daycare 60% without sending single day.
    Al least minor staff getting salary.

    Get some percentage. not full.

    • රටේ එකා says:

      දැන් ලංඩන් විභාග හේදී ගොස් ඇති නිසා සියලු පාසල් ජාතික පාසල් කරමු..ජාත්‍යන්තර පාසල්වලින් එකතුකර ගන්නා මුදල් එංගලන්තයට අරගෙන ගොස් එංගලන්තය පොහොසත් කිරීම නවතමු…මේ දේශීය රජය දේශයටද? ජාත්‍යන්තරයට ද? හිතවත් කියා බලා ඉදිමු.

  2. Naagha says:

    I feel very disappointment about private schools. They do nothing. But asking 100% payment without mercy. As I don’t have money I agreed to pay with 3 installments. Otherwise what else we can do?

    • shamil says:

      Private schools need to pay salaries to their tutorial and minor staff, therefore they need to get a the school fees. At lease they needed to get some percentage of school fees

  3. Naagha says:

    Also private tuition masters are squeezing the neck of people who are suffering with no income. The just do few online classes and asking full money. Those classes also not upto the standards. They just robbing from innocent people.

  4. Naagha says:

    Meantime we as a society our appreciation offers to one of Science & Mathematics teacher in Maharagama who is a doctor in a government hospital does classes after his duty for O/L students without a fee. He does classes for more than 100 students sometimes giving internet data to poor students with his own cost. We pray for you long and successful life.

  5. AluthTikka says:

    මේ ඉල්ලීම හරිම සාධාරණයි. මොකද අපි හැමෝම දන්නවා ප්‍රවාහන වියදම්, අනෙකුත් පහසුකම්, විනෝද වියදම්, විශේෂ කෑම බිම, සාද, මගුල් යනාදී මේ සියල්ලම අප්‍රේල් මාසය තුල අවම වූ බව. ඒ නිසා පුද්ගලික පාසල් වල අයිතිකරුවන් සහ කාර්යමණ්ඩලය යනු වෙනම ලෝකයක ජීවත් වූ පිරිසක් නොවේ. ඔවුන්ටද මේ ඉතිරිය සිදු උනා. හැමෝගෙම වියදම් අඩුවුනා.. ආදායමුත් අඩු උනා. දැන් මුන් අප්‍රේල් ආදායම අර තමන්ගෙම තත්වෙ හිටපු තම පාරිභෝගිකයන්ගෙන් ගසා කන්න හදනවා. මේ සෙල්ලම මුළු රටේම කඩ හිමියන් පවා කරනවා. මුළු අප්‍රේල් මාසෙම වහලා.. ඒත් කුලිය සම්පූර්ණ ගෙවන්න කියනවා.

    • 5000 න් කාරි එකක් ගත්තු එකා says:

      හොඳ වැඩේ රෙද්දත් නැතුව මෙතන ආණ්ඩුවට කඩේ ගියපු වහල්ලුන්ට. ඇයි ඉන්ටර්නැෂනල් ඉස්කෝල වල උගන්නන එවුන් පඩි ගන්නේ නැතුව කොහොමද ගෙවල් වල කන්නේ බොන්නේ ? ගිහින් ස්කුල් ෆී එක රීම්බස් කරගණින් ජනාධිපති අරමුදලෙන්

      • Piyadasa says:

        තොගෙ අම්මගෙ රෙද්දෙ සල්ලි වරෙන් මම රීම්බස් කරල දෙන්නන්.

  6. පොඩි එකා says:

    ඉතාම හොඳ යෝජනාවක්….වීරවංශ මැතිතුමාට සුබ පතමි.

  7. විමල් වීරවංශ ඔබතුමාට ජය !

  8. නයා says:

    ගුරුවරුන්ට පඩි ගෙවන්නේ ආණ්ඩුවෙන් ද එතකොට

  9. ප්‍රේමනාත් says:

    වෙනස සැප ද………. හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් …ග්‍රෙරු,අලස් ගොඩ..

  10. Sampath says:

    Samahara pre school walath ehemai.ගනේමුල්ල cambridge පෙර පාසලෙනුත් wahala tibuna මාර්තු ,Aprial,මැයි මාස 3 ටම full payment illanawa.half wath illuwanan sadaranai neda.mewa palanaya karanna baida.

  11. Sampath says:

    Pre school walath half payement ganna kiyanna barida wahala tibuna masa walata.ගනේමුල්ල cambridge pre school eken full payments illanawa 2500 gane .අසාධාරණයක් නේද .minissunta sallery gewanneth half ne dan.කොහොමද mewata madihath wenna barida rajayata..

    • sena says:

      International schools ask full fees with out doing anything and try to cheat parents from on line education.Tuition masters are doing on line classes and charged full fees with institution charges
      but no one in Sri lanka responsible to investigate these things.

  12. sunimal says:

    පුද්ගලික පාසල් රජයට බාර ගත යුතුය

  13. බන්ඩා says:

    Private හෙවත් පුද්ගලික ආයතන කියන්නෙ රාජ්‍ය ආයතන නෙවෙය්. ඒවා නඩත්තු වන්නේ ලමය් ගෙවන ටියුෂන් ෆීස් වලින්. ලංකාවෙ ගනන්ම පුද්ගලික පාසල OSC. පාසල් වාරයකට US $ 5,000 සිට 7,000 දක්වා අය කොරනවා. නිවාඩු කියල වෙනසක් නැහැ.

  14. කමල් says:

    පුද්ගලික චැනල් වලදී හා ගමේ ගොඩේදී බෙහෙත් ගැනීමේදී අයකරන මුදල ගැනත් සලකා බලමුද?