පුද්ගලික මුල්‍ය ආයතනය බංකොලොත් වෙන්න යයි.. රුපියල් බිලියනක් ණය දෙන්නැයි දේශපාලන බලවතෙක් රාජ්‍ය බැංකුවට නියෝග කරයි..
June 5, 2017 at 1:20 pm | lanka C news
බංකොලොත් වීමට ආසන්න තත්වයේ ඇති පුද්ගලික මුල්‍ය ආයතනයක් කඩා නොවැටී පව්තාවගෙන යාමට රුපියල් බිලියනයක ණයක් ලබා දෙන්නැයි මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකුවකට ඉහල පෙලේ දේශපාලඥයෙකු විසින් නියෝග කර ඇත.
නමුත් රාජ්‍ය බැංකු ප්‍රධානීන් විසින් එම නියෝගව ප්රතික්ෂෙප කරමින් දන්වා ඇත්තේ එමගින් රාජ්‍ය බැංකුව අනතුරේ වැටෙනු ඇති බවයි.
අදාල පුද්ගලික මුල්‍ය ආයතනය මේ වන විටත් මහබැංකුවේ පාලනය යටතට ගෙන ඇත.