පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට මං විරුද්ද නෑ.. – කාලෝ ෆොන්සේකා..
March 2, 2017 at 3:00 pm | lanka C news
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රමිතීන්ට යටත්ව පිහිටුවන පුද්ගලික වෛද්‍ය විද්‍යාලයන්ට අවසට දිය යුතු බව තම මතය බව වෛද්‍ය සභා සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි.
එය තම පුද්ගලික මතය මිස වෛද්‍ය සභාවේ මතය නොවන බව මහාචාර්යවරයා කියා සිටියේ කොළඹදී පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.
කෙසේ වෙතත් සයිටම් ආයතනය ක්‍රියාත්මක වන්නේ වෛද්‍ය සභාවේ නිර්නායකයන්ට අනුව නොවන බවත් එම ආයතනයට ක්‍රියාත්මක වීමට කිසිසේත්ම ඉඩ දිය නොහැකි බවත් ඔහු එහිදී වැඩි දුරටත් කීය.