පුද්ගලීකරණයට මං විරුද්දයි.. වරාය රැකගන්න මට තනියම අමාරුයි.. මා සමග එක්වෙන්න..- අර්ජුන තද කතාවක් කරයි..

April 24, 2017 at 2:10 pm | lanka C news
පුද්ගලීකරණයට මං විරුද්දයි.. වරාය රැකගන්න මට තනියම අමාරුයි.. මා සමග එක්වෙන්න..- අර්ජුන තද කතාවක් කරයි..

වරාය අධිකාරියේ දියුණුව සඳහා ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා ඇති කළ ක්‍ර‍මවේදය ඉදිරියට ගෙනයෑම සෑම අයෙකුගේම යුතුකමක් වන බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

ඔහු මේ බව පැවසූයේ අද(24) පෙරවරුවේ ලලිත් ඇතුළත්මුදලි ගුණානුස්මරණ උළෙලට එක්වෙමිනි.

ප්‍ර‍ජාතන්ත්‍ර‍න්තවාදී එක්සත් ජාතික සේවක සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මෙම උළෙල ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජය බහළුම් පරිපාලන ගොඩනැගිලි පරිශ්‍රයෙහිදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූයේ පක්ෂ දේශපාලනයේ එල්බගෙන කටයුතු කරන වකවානුවක අවසන් මොහොත දක්වා ඇතුළත්මුදලි මැතිතුමා රට ගැන සිතා ක්‍රියාකළ ආකාරය සියලුදෙනාට පරමාදර්ශයක් වන බවයි.

“ මහපොළ ශිෂ්‍යාධාර ක්‍ර‍මය ඇති කරමින් මුදල් නැති පවුල්වලින් එන උගත් දරුවන්ට ඉදිරියට යන්න අත්වැලක් දුන්නේ ලලිත් ඇතුළත්මුදලි ඇමතිතුමා. එතුමා මේ වරාය වෙනුවෙන් මොනවද කළේ කියලා ඔබතුමාලට කියලා දෙන්න අවශ්‍ය නැහැ. ලලිත් ඇතුළත්මුදලි ඇමතිතුමා කරපු දේවල් සමහර වෙලාවට මට කරන්න බැරිවෙයි. නමුත් එතුමා මේ වරාය මේ තරම් දියුණුවට ගෙන ඒමට ගත් වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන එක මගේ පමණක් නොව අපි සියලුදෙනාගේම වගකීමක්. තමුන්නාන්සේලා දන්නවා එතුමා මුහුණ නොදුන් ප්‍ර‍ශ්න ගණනාවකට අද අපිට මුහුණදෙන්න වෙලා තියෙනවා. අපි ජාතික ආණ්ඩුවක් හදාගෙන ඉදිරියට යද්දී එක එක්කෙනාගේ විවිධ මත තියෙනවා. නමුත් ලාභ ලබන ආයතන කවදාවත් පෞද්ගලීකරණය කරන්න අවශ්‍ය නොවන බවයි ජනාධිපතිතුමාගේ මතය. ඒක තමයි මගේත් මතය. පාඩු ලබන ආයතන තියෙනවා නම් ආයෝජකයෙක් ගෙනල්ලා සංවර්ධනය කරලා ඉදිරිකාලයේදී ලාභ ලබන ගමන් නැවත වරක් අපිටම උරුම වෙනවා නම් එතන වරදක් නැහැ.

අද හම්බන්තොට වරාය පමණක් නොවේ නැගෙනහිර පර්යන්තයත් විශාල සාකච්ඡාවක් බවට පත්වෙනවා ඉදිරියේදී. මේවා ආරක්ෂා කරන එක ඇමතිවරයා විදයට මට තනියම කරන්න බැහැ. තමුන්නාන්සේලා ඒ සඳහා ඉදිරිපත් වෙන්න ඕන. මම සාමාන්‍යයෙන් පෞද්ගලීකරණයට විරුද්ධ කෙනෙක්. මම ආඩම්බරයෙන් කියන්න කැමතියි පසුගිය වසරේ වරාය අධිකාරිය විදියටත් වරාය අමාත්‍යාංශය යටතේ තියෙන අනිකුත් ආයතනත් විශාල වශයෙන් ලාභ ලබාගත්තා. සේවකයින්ගේ වැඩ ටික හරියට කරලා තියෙනවා. නිලධාරීන්ගේ පැත්තෙන් ඔවුන් හරියට වැඩ ටික කරලා තියෙනවා. ඒ හරහා අපිට පුළුවන් මෙවැනි ලාභ ලබන ආයතන පෞද්ගලීකරණය කිරීම අවශ්‍ය නැහැ කියන පදනම අරගෙන කැබිනට් මණ්ඩලයට යන්න. මේ රටේ ආණ්ඩුවට, රටට අයිති ආයතන පෞද්ගලික කරන්න වෙන්නේ සේවයින් නිසා. එය බේරගන්න පුළුවන් වෙන්නෙත් තමුන්නාන්සේලාටයි.

ලලිත් ඇතුළත් මුදලි ඇමතිතුමා අප අතහැර ගිහින් අවුරුදු 24 ක් වෙනවා. නමුත් අදත් එතුමා ගැන මේ වරායේ සාකච්ඡා කෙරෙනවා. ඉතිහාසය දන්න ගුණගරුක සියලුදෙනා අද එතුමාට ගරු කරනවා. එතුමාව මම දකින්නේ දේශපාලඥයෙක් විදියට නෙවෙයි. එතුමාට අපි ආදරය කරන්නේ දේශපාලඥයෙක් විදියට නෙවෙයි. එතුමා කවදාවත් එක්සත් ජාතික පක්ෂයේ කියලා, යූ එන් පී කාරයෙක් කියලා බලය අතට ගත් කෙනෙක් නෙවෙයි. මට මතකයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා විදියට ඒ ඉන්න කාලෙත් එතුමාට තිබුණේ මේ රට ත්‍ර‍ස්තවාදීන්ගෙන් මුදවාගැනීමේ අරමුණ. ඒ නිසයි එතුමාට ජීවිතයත් පූජා කරන්න සිද්ධවුණේ. එවැනි නායකයින් ගෙන ගිය ක්‍රියාදාමය ඉදිරියට ගෙනයන්න අපට යුතුකමක් තියෙනවා.‍….” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා පැවසීය.

– තමීර මංජු

19 views

9 Comments to “පුද්ගලීකරණයට මං විරුද්දයි.. වරාය රැකගන්න මට තනියම අමාරුයි.. මා සමග එක්වෙන්න..- අර්ජුන තද කතාවක් කරයි..”

  1. Manel says:

    Your ‘bada gosthare’ and hatred towards Mahinda is much bigger than privatisation marathan of this government. So better you stay with them. Atleast we can see a true Ranathunga in Prasanna. You may be adopted Ranathunga by that family.

    • පරාජිත says:

      ඒ වුනාට කතිරය ගහන්නේ ” මෛත්‍රී ” බදාගෙන ඉන්න මැඩම්ගෙ පක්‍ෂයට නොවැ,,,!!!

      අද සිංහලයට යන්න වැලේ වැල් නැහැ…” මත්කුඩු- වේසමඩම් වලින් රටම දූෂිතයි ගබ්සාව ගම්වල රජ කරන්නේ.. රාත්‍රී 10 පසු ත්‍රීවීල් යයි නම් ඒ වේසමඩම් වලට දුවන ඒවා
      සුලු ජාතියක් බවට ඉබේම පත්වෙලා ඉවරයි…!
      බුදු දහම හා සිංහල භාෂාව උන් විහින්ම විනාශ කරගෙන ඉවරයි!
      අද පිරිත් උදෙන්ම දැම්මාම නඩු…
      සිංහල කතා කරන්නේ සුද්දගෙ ඉංග්‍රීසි වචන එකතු කරල… ලොකුකම පෙන්වන්න!
      මැරුනම විතරයි සිංහල ගෑනු සාරිය අඳින්නේ! ඒ මිනියට පෙට්ටිය ලස්සන කරන්න…
      එම්බාම් එක වයස අවුරුදු 12 ඉඳල දානවනේ මූනට දැන් කාලෙ බඩු…

  2. BARCARDI says:

    By reducing the EXPENDITURE profit margin can be increased. But better way is to increase the INCOME.
    profit = INCOME – EXPENDITURE

  3. Kamaladasa says:

    I support you Arjuna.

  4. White Shark says:

    මම ඉන්නේ විමල්ගේ දේශප්‍රේමී කඳවුරේ. පෞද්ගලීකරණයට අපි එදත් විරුද්ධයි අදත් විරුද්ධයි. අපි මුල් තැන දෙන්නේ දේශීයත්වයට.

    The Prime Minister can THINK global. I don’t care. But he should ACT local.

    පාට අවශ්‍ය වෙන්නේ දේශපාලනයට විතරයි. දේශප්‍රේමියෙක් වෙන්න පාටක් අවශ්‍ය නැහැ. එකම පාට සිංහ කොඩියේ පාට.

    පාට පක්ෂ ජාති භේද නැතුව මුළු රටම පෞද්ගලීකරණයට එරෙහිව, රටේ සියලු සම්පත් රැක ගන්න, වරායවල් වේවා, තෙල් ටැංකි වේවා, අපේ සරුසාර ඉඩම් වේවා, රාජ්‍ය ආයතන වේවා, අපිට අයිති හැමදේම රැකගන්න එකමුතුව, එක හඬින් සිංහ කොඩිය යටට එකතු වෙමු.

  5. ExUNPer says:

    If Arjuna is genuine & if he is truely patriotic…then we honour him,..and we expect him to join his brother Prasanna’s brave ca,Paige in saving the country.

  6. Sadd says:

    Oya ayathana wala sebe awashyathawata sewKayan bandawa ganna misa amathita support karapu ayta jobs deemen viydama wediwenawa. Ithin padu kiyala apata kiyanawa.

  7. kate says:

    It’s a big thing if you can protect all harbours and our land without giving to India and China. Once it is given, unable to get it back. So please save these valuable assets for the sake of our motherland; for our children. As the minister you can play a big role. You will be a hero, if you can do it. You must have a strong backbone for this.

Main News