පුනර්ජනනී නංගි පෙන්වා දූෂිතා අක්කා ජනතා කර මතට….

June 10, 2022 at 3:20 am | lanka C news
පුනර්ජනනී නංගි පෙන්වා දූෂිතා අක්කා ජනතා කර මතට….

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ටෙන්ඩර් පටිපාටියකින් තොරව සිදු කිරීමේ යම් යම් විධිවිධාන මේ වන විට ද ඇති බැවින් පුනර්ජනනීය ගැටලුවක් ඉදිරියට දමමින් පුනර්ජනනීය වන නොවන සියලුම ව්‍යාපෘති සම්බන්ධයෙන් ටෙන්ඩර් කැදවීමේ අවශ්‍යතාවය අහෝසිකර දූෂිතයන්ට ඉඩකඩ විවර කිරීමට දරන වෑයමට තමන් විරුද්ධ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ (09) ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය හා එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙසේ අදහස් දැක්වීය.

අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මෙම පනත් කෙටුම්පත සම්මත කළ යුත්තේ ඇයි? ඒ පිළිබඳව ඇමතිතුමා ඉතා අපූරු හේතු ගණනාවක් පසුගිය දින කීපයේ ඉදිරිපත් කළා. ගම්මන්පිල ඇමතිතුමාගේ ගෙදර සෝලා පැනල් එකට සබඳතාවය දෙන්න මාස හයක් විදුලිබල මණ්ඩලය ගත්තා. විදුලි බිල 300% කින් වැඩි කිරීමට ඉල්ලීමක් කරලා තියෙනවා. ඒක මගේ සාක්කුවේ තියාගෙන මම ඉන්නවා. විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ වැටුප වසර තුනකට වතාවක් සියයට 25කින් වැඩි කරන්නට වෙලා තියෙනවා. මේ පනත සම්මත නොකළොත් පුනර්ජනනීය විදුලිය කරන්නට වෙන්නේ නැහැ. ජනතා ද්‍රෝහීන් විදිහට තමුන්නාන්සේලා ලේබල් වෙන්නට ඉඩ තියෙනවා.

අගමැතිතුමාත් නිකන් හිටියෙ නැහැ. එතුමාත් අපූරු හේතුවක් කිව්වා. අදානිගේ ව්‍යාපෘතිය නතර කරලා ඉන්දියාවෙන් ණය ඉල්ලන්න නම් මට කියන්න එපා කියලා එතුමා මේ සභාවේ දී ප්‍රකාශ කළා.

මේ උදාන වාක්‍ය ඇහුවහම ඇගේ මයිල් කෙලින් වෙනවා. මහා කුමන්ත්‍රණයක් පරාජය කරන්න ඇමතිතුමා යනවා කියලා හිතලා ඒ සටනට අපිත් එකතුවිය යුතුයි කියන අදහසක් ඇති වෙනවා. නමුත් තිත්ත ඇත්ත නම් මේ කියන කාරණා සහ මේ පනත අතර කිසිම සම්බන්ධයක් නැහැ. පුනර්ජනනීය කියන වචනය වත් මේ පනතේ කොතනකවත් නැහැ. එහෙම නම් ජනතාව රවටන හැඟීම්බර ප්‍රකාශ කරනවා වෙනුවට මොකක්ද මේ පනතින් ඇත්තටම සිද්ධ වෙන්නේ කියලා අපි සොයා බලන්නට ඕනේ.

මේ පනතෙන් කාරණා දෙකයි වෙන්නේ. වර්තමානයේ මෙගා වොට් 25 කට වඩා වැඩි ව්‍යාපෘතියක් සඳහා ආන්ඩුවේ සහභාගිත්වය තියෙන්නට ඕනේ. එහෙම නැතුව විදුලි ව්‍යාපෘතියක් කරන්නට බැහැ. ඒ අවශ්‍යතාවය මේ පනතින් ඉවත් කරනවා. බොහොම හොඳ දෙයක්. ආණ්ඩුවට සල්ලි නැත්නම් සල්ලි තියෙන අයට විදුලිය නිෂ්පාදනය කරන්න දෙන්නට ඕනෑ. විශේෂයෙන්ම විදේශ විනිමය තියෙන අයට එන්න දෙන්නට ඕනෑ. අපි ඒ යෝජනාවට සම්පූර්ණයෙන් සහය පළ කරනවා.

දෙවැනි සංශෝධනය තමයි හතළිස්තුන්වැනි වගන්තියෙ හතරවෙනි උප වගන්තිය ට කරනු ලබන සංශෝධනය. ඒ හරහා විදුලි නිෂ්පාදනයේ නිෂ්පාදකයන්ගෙන් විදුලිය මිලට ගැනීමේදී ටෙන්ඩර් කැඳවීමේ අවශ්‍යතාවය සහමුලින්ම ඉවත් කර දමනවා. ඔන්න ඔතනයි ඇත්තටම අපිට ප්‍රශ්නය තියෙන්නේ.

සියලුම විදුලි නිෂ්පාදකයන්ගෙන් තරගකාරී ටෙන්ඩර් කැඳවීමකින් විදුලිය මිලදී ගැනීම ප්‍රායෝගික නැහැ. මගේ වහලයේ මම කිලෝ වොට් 5 ක සෝලා පැනල් දාලා තියෙනවා. ඕකට වෙන කාටවත් ටෙන්ඩර් දාන්න බැහැ. වත්ත පහල දිය ඇල්ලකින් ජල විදුලිය නිෂ්පාදනය වෙනව නම් ඒක වෙන කාටවත් කරන්නට බැහැ. පුංචි ව්‍යාපෘති අනිවාර්යෙන්ම ටෙන්ඩර් කැඳවීමේ නිදහස් කළ යුතුයි. අපි ඒකට එකඟයි. හැබැයි මහා පරිමාණ ව්‍යාපෘති, ව්‍යාපෘතිය විශාල වන්නට විශාල වන්නට ඒකක පිරිවැය අඩු වෙනවා නම් ඒකෙ වාසිය විදුලි බිල ගෙවන ජනතාවට ලබා දුන්නේ නැතිවීමේ විපාකය තමයි අපි මේ විදින්නේ.

2009 වනතුරු මේ ටෙන්ඩර් කතාව තිබුණේ නැහැ. හිතුණු හිතුණු මිලගණන් වලට විදුලිය මිලදී ගන්න නිලධාරීන් දේශපාලකයන් මැදිහත්වෙලා ගිවිසුම් ගැහුවා. එහි පාඩුව අද විඳින්නේ දැවැන්ත විදුලි බිලක් ගෙවන ජනතාව. ඒකෙන් මිදෙන්න නම් ටෙන්ඩර් පටිපාටියට යන්න ඕන කියන එක අපි යෝජනා කළා.

පසුගිය හත්වැනි දා අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ දී විපක්ෂ නායකතුමා වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා සහ මම ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරා මෙගාවොට් දහයෙන් ඉහළ දැවැන්ත ව්‍යාපෘති වලදී එම ව්‍යාපෘතිය විශාල වීමේ වාසිය විදුලි බිල අඩු වීම හරහා ජනතාවට විදුලි පාරිභෝගිකයාට ලබාගන්න මේවා තරගකාරී ටෙන්ඩර් වලට විවෘත කරන්න කියලා. අමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කරා.

නමුත් අගමැතිතුමා කැඳවපු සාකච්ඡාවේදී මෙගාවොට් දහයට වඩා වැඩියි ව්‍යාපෘති සඳහා තරගකාරී ටෙන්ඩර් කැඳවීමට අගමැති තුමා එකඟතාවය පළ කරා. එතුමා එතුමාගේ මතය අද මෙතන කියාවි.

නයෝමි ක්ලේන් (Naomi Klein) ද ෂොක් ඩොක්ට්‍රින් (The Shock Doctrine ) කියලා පොතක් ලිව්වා. මේ පොතේ සඳහන් කරන්නේ සමහර රටවල ව්‍යසනයන් හිතා මතා ඇති කර ගන්නවා මොකද ව්‍යසනයන් මැද ජාතික සම්පත් කොල්ල කන්න ලේසියි. ව්‍යසනයන් පෙන්නලා වංචා දූෂණ කරන්නත් ලේසියි. කොමිස් ගහන්නත් ලේසියි කියලා.

මේ රට මේ අර්බුදයට ගමන් කරනවා කියලා 2020 ඔක්තෝම්බර් ඉඳලා අපි කිව්වා. අපි කියන දේ අහන්නෙ නැති උනාම මේ රට සිතා මතා අර්බුදයට රැගෙන යනවා කියන චෝදනාව අපි මේ ආණ්ඩුවට එල්ල කළා. ඒ චෝදනාව එල්ල කළාම අපිවත් කනෙන් ඇදලා ඇමති මණ්ඩලයෙන් එළියට දැම්මා.

අද සිදුවෙන්නේ ඒක. පුනර්ජනනීය නංගි පෙන්වා දූෂිතා අක්කාව ජනතාවගේ කරමත පට වන්නයි හදන්නේ. පුනර්ජනනීය විදුලිය ලබා ගැනීමේ ව්‍යාපෘති ඕනෑනම් ජාතික ආපදා අවස්ථාවක ටෙන්ඩර් කැඳවන්න අවශ්‍ය නැහැ කියලා වගන්තියක් තියෙනවා. ඒක යටතේ ඔය පුනර්ජනනීය විදුලිය වහාම ගන්න බාධාවක් නැහැ. ආණ්ඩු ආණ්ඩු අතර ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් කැඳවීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා වගන්තියක් තියෙනවා. ඒ නිසා මේ පුනර්ජනනීය ප්‍රශ්නයක් ඉස්සරහට දාලා පුනර්ජනනීය වන නොවන සියලුම ව්‍යාපෘති සම්බන්ධයෙන් ටෙන්ඩර් කැදවීමේ අවශ්‍යතාවය නැති කරලා දූෂිතයන්ට යටි මඩි ගහගන්න සහ එහි බර නැවත වතාවක් විදුලි පාරිභෝගිකයා මත පටවන්න දරන මේ වෑයමට අපි විරුද්ධයි. නමුත් අගමැතිතුමන් සමග අපි එකඟතාවක් හදාගත්තා. ඒ කිව්ව සංශෝධන මීට ඇතුළත් වෙනවා නම් අපි අපේ සහාය දෙන්නත් සූදානම්.

– Media unit

44,950 views

30 Comments to “පුනර්ජනනී නංගි පෙන්වා දූෂිතා අක්කා ජනතා කර මතට….”

  1. Norata Eka says:

    පුනර්ජීවණ බලශක්ති ව්‍යාපෘති අවශ්‍ය නෑ අපේ නිලධාරීන්ට, ඒවා දෙන ටෙන්ඩර් පටිපාටිය විතරක් පොතේ හරියට තිබුනොත් ඇති…අනේද කියන්නෙ…මෙච්චර කාලයක් තෙල් පුච්ච පුච්ච විදුලිය දුන්නා, ඒකට මොකටද ඉංජිනේරුවො….රට කන සක්කිලි වුර්තීය සමිති සහ නිලධාරීන්…

  2. Srimal says:

    Very good point . Totally agree with him.

  3. people says:

    දැන් වේගයෙන් සිදුවන්නේ අපගේ ආර්ථික මර්මස්ඨාන ඉන්දියාව විසින් නතුකර ගන්නා තත්වයකි. කෙසේවෙතත්, මේ අවස්ථාවේ අපි ඉන්දියාව් තරහ කරගන බැරි මොහොතකි. ජේආර් රජිව් ගාන්ධිට පරිප්පු දැමු වෙලේ ඉන්දුලංකා ගිවිසුම ගැහුවා වගේ සහ සතපහකට වැඩක් නැති වරායක් හම්බන්තොට හැදුවම රනිල් එක උන්ටම බදු දීලා මුළු විය්දමම උගෙන් ගත්තා වගේ උපක්‍රමශීලී ක්‍රමයක් මේ සඳහා අනුගමනය කලයුතුයි. මොලෙන් වැඩ කලයුතු කාලයකි.

  4. Lucky N says:

    රට පාලනය කරන්නේ වුර්තීය සමිති. අන්රයියා ඉන්නකන් උන්ගේ බලය බිදින්න බෑ. රට හැමදාම වලපල්ලට. අන්රයියා සාම්පුර් වහලා ලයිට් වලටයි ඩීසල් වලටයි එක සැරේ කෙලියා. මේ පාර පුනර්ජනනීය ව්යාපෘති නවත්වනවා. ඔහොම යන්. තව ටිකායි! පේන දුර !

  5. ඇල්වතූර says:

    ගොංමංපිලයා ත්‍රීකුණාමලය තෙල් ටැංකි ටික ඉන්දියාවට දීලා සිංහ කොඩිය උස්සනවා කියලා කරෙත් නංගි පෙන්නලා අක්කා දුන්නා වගේ වැඩ ක් .විමලේට නම් හොර පාස්පෝට් උප්පැන්න සහතික හදන්න පුරුදු ඕන දෙයක් හොරට හදන්න පුළුවන්
    .

  6. ලංකා බයි නිව්ස් කොමෙන්ට් කොටන්නගේ සංගමය says:

    ගම්මන්පිල දැන් ජෙප්පෝ එක්ක එකතු වෙලාද?

  7. SL #gOhOMEgOTA says:

    දවස් දෙකෙන් කොස් ගස් 200 ගානක් කපා ගන්නකල් කොස්ගස් කපන්න පර්මිට් ඕනේ නැහැ කියල ගැසට් ගහපු එකා ගේ පුතෙක් තමා බලශක්ති ඇමති, දැන් පනත සම්මත කරගන්න යන්නේ පොර .
    ඉතින් මොකා විශ්වාස කරන්නද මන්ද. මුන් කොලේ වහල ගහන හැම ත්රුම්පුවකින්ම කෙලවෙන්නේ රටට. මේ තාක් රටට කෙලවෙලා. රට කුජීත වෙලා තියෙන්නේ මේ අසික්කිත වැඩ හින්ද .
    CEB උන් නටන්නේ උන්ගේ පඩි හින්ද, ඇමතිලා නටන්නේ උන්ගේ කොමිස් හින්ද. රට ගැන ,රටේ අනාගත ය ගැන හිතන උන් හිටිය නම් මෙලහට මේ රට ආයෙත් සින්ගපුරුවට වඩා උඩින්

    • ඇල්වතූර says:

      අර රැට්ටයි ගොට්ටයි බෙට්ටයි පස්සේ පලයං

  8. රටේ එකා says:

    විදුලි පනතයි, පුනර්ජනනීය විදුලි පනතයි කියලා දෙකක් නෑ. ඉතින් මේක අස්සේ පුනර්ජනනීය කියන වචනෙ හොයන එක විහිලුවක්.

    ලොකුද පොඩිද කියන එක අදාල නෑනේ. කාට හරි තමන්ගේ පුද්ගලික ඉඩමක විදුලිය ජනනය කරන්න පුලුවන්නම් ඒ පාර්ශවයට ඒකට නිදහස තිබිය යුතුයි.

    මිල ටෙන්ඩර් කිරීම අහෝසි කරාම යම් දූශණයක් වෙන්න පුල්වුන්ද? ඔව්. ඒකට කරන්න ඕනෙ උපරිම මිල සීමාවක් වෙනම ස්වාධීන මිල මන්ඩලයකින් නියම කිරීම. හරියට පෙට්‍රල් මිල සූත්‍රය වගේ. එතකොට ඔවුන් නියම කරන මිලට වඩා වැඩි මිලකට විදුලි බල මන්ඩලයට විදුලිය මිලදීගන්න බැරි වෙනවා. දූශනයක් උනත් ඒක අවම වෙනවා. ඩීසල් වලින් රුපියල් 80ක් වියදම් කරලා විදුලිය නිපදනවට වඩා ඔය මොක උනත් ලාබයි.

    ඒ සන්ශෝශනය ඉදිරිපත් නොකර මුලු විදුලි පනතටම විරුද්දව චන්දෙ දෙන එක අමු කුහකකමක්. මුන්ට ඕනෙ ඊලග අවුරුද්දෙත් මිරිහාන වගේ සිද්දියක් ඇති වෙලා ඒකෙන් බලයට එන්න.

    • මහජනයා says:

      ඒ සංශෝධන ආචාර්ය හර්ෂද සිල්වා ඉදිරිපත්කලා. කංචනයා බෑ කි්වවා. ඇයි කංචන බැසිල් ගේඉත්තා. බැසිල්ට ඕන අදානිලට ලංකාවේ විදුලි ඒකාධිකාර්යක් හදලා දෙන්න. ටෙන්ඩර් ආවොත් ඒක කරන්න බෑ. බැසිල් අදානි කල්ල මරේ. කංචනට මස් කට්ට ලැබේ.

      • අදානි භීෂණය says:

        ලප අන්රයියා කියන දේ දේව වාක්ය නං නෙවෙයි ගොං වහල් සජබ කුක්කා. 💩💩💩💩💩💩💩💩💩💩💩හර්ෂ ද සිල්වා කියලා සිල්වා කෙනෙක් ගෙන් අහලා බලපං.සිල්වා හර්ෂ නම් නෙවෙයි කියාවි.😊😊😊😊😊😊 හර්ෂ කියන්නෙත් රනිල් ම තමයි කියලා අද හෙටම බොලාට තේරෙයි. අයනු හුයනූ තමයි බං.

  9. Jehan says:

    ත්‍රීකුනාමලේ තෙල් ටැන්කි ටික බද්ධ ව්යාපාරයක් විදියට දියුනු කරන්න හදද්දී ජෙප්පො කිව්වේ මොකක්ද? ඔන්න විකුනනවා කිව්වා. ගම්මන්පිල කිව්වේ මොකක්ද? අයෝජනයක් කිව්වා. අද ගම්මන්පිල විපක්ශෙට ගිහින් කියනවා බලාගාර ටික විකුනනවා කියලා. මිනිස්සු තේරුම් ගන්න ඕනෙ ඔය විකුනනවා විකුනනවා කියලා කෑ ගහන එක අපේ රටේ බලයට එන්න තියෙන ලේසිම විදිය. හැබැයි අයෝජන එපානම් ලයිට් කැපුවම මිරිහානට යන්න එපා. ඒ මිනිහා විදුලිය මවලා දෙන්නද.

  10. තරිදු says:

    කන්චන කියන්නේ කයිවාරු පප්පෙක්.

    සපුගස්කන්ද වැසීම ඓතිහාසික වරදක් කියලා මූ කොහෙන්ද උස්සන් ආවා බොරතෙල් නැවක්. ඒ බොරතෙල් වලින් පෙට්‍රල් හෝ ඩීසල් නිපදවන්න පුළුවන් සියයට 17යි. සියට 83ම ක් අතුරු නිෂ්පාදන.

    දැන් පුනර්ජනනීය බලශක්ති නිපදවීමට කියලා පනතක් ගෙනාවා. මේකෙ තියෙන්නෙ ආණ්ඩුවේ හිතවතුන් ට ටෙන්ඩර් ක්‍රමයෙන් බාහිරව විදුලි ව්‍යාපෘති ලබා දීමට ප්‍රතිපාදන.

    මූ රට අන්දනවා.

    • තෙල් පප්පා says:

      රට අන්දන්නේ උඹයි තරිඳුවෝ. බොරතෙල් කියන්නේ හයිඩ්රෝකාබන් සංයෝගයක්. බොරතෙල් ආසවන ක්රියාවලියේදී ඩීසල්, භූමිතෙල්, ගුවන්යානා ඉන්ධන, නැප්තා, දැවිතෙල් හා බිටුමන් අපේ පිරිපහදුවේදී වෙන් කරගැනේ. පෙට්රල් නිපදවන්නේ නැප්තා තවත් රසායනික ක්රීයාවලියකට බඳුන් කිරීමෙනි. ඔබේ 17% අතේ රෝලකි. අතුරු නිෂ්පාදන යයි නොකියා ඒවා නම් වශයෙන් ඉදිරිපත් කරන්න. පොල්තෙල්,එඬරු තෙල්, පාම්තෙල් කිසිසේත්ම බොරතෙල් වලින් නිපදවන්නේ නැත.💕♻️😭😍💩💩💩💩💩

Main News