පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයෙක් අධිබලැති ක්ලේමෝ බෝම්බයක් සමග අත්අඩංගුවට…

May 29, 2021 at 8:02 am | lanka C news
පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයෙක් අධිබලැති ක්ලේමෝ බෝම්බයක් සමග අත්අඩංගුවට…

යාපනය නගර්කෝවිල් ප්‍රදේශයේදී අධිබලැති ක්ලේමෝ බෝම්බයක් සහ පතුරම් තොගයක් සමග හිටපු මුහුදු කොටි සාමාජිකයෙකු 28 දින අත්අඩංගුවට ගත් බවට යාපනය ආරක්ෂක සේනා මූළස්ථානය පවසයි.

යාපනය යුදහමුදා බුද්ධි අංශයට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව යුදහමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් විසින් නගර කෝවිල් වෙරලආසන්නයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී තාවකාලික පැල්පතක බිම වලදමා තිබියදී අදාල ක්ලේමෝ බෝම්බය සමගින්  ටී.56 පතුරම් 14 ක්, පිස්තෝල පතුරම් 45 ක් 12.7 වර්ගයේ පතුරම් 01 ක්, ඩෙටනේටර් නූල් මීටර් 02 ක් සොයාගනු ලැබීය.

එහිදී අදාල ක්ලේමෝ බෝම්බ වලදැමූ බවට සැකෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනාවරනය වී ඇත්තේ ඔහු හිටපු මුහුදු කොටි සාමාජිකයෙකු බවටත් පුනරුත්තාපනය වී ඇති බවටත්ය.

අදාල ක්ලේමෝ බෝම්බය එම ස්ථානයේ වලදමා සඟවාගෙන තිබීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර යම් විනාශකාරී ක්‍රියාවකට සූදානම් වූවේද යන්න පිළිබඳව සැක සහිත බැවින් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා යාපනය පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයට භාරදීමට පියවර ගත් බවට යුදහමුදාව වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16,020 views

8 Comments to “පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයෙක් අධිබලැති ක්ලේමෝ බෝම්බයක් සමග අත්අඩංගුවට…”

  1. Ruhdtug says:

    Kavuda balamu den mulinma hekara katin baka baka gaga conspiracy theories patan ganne… bayya bayya kiyslath kiyanda epai daha pahalos wathawak… neththang udeta kewe ne wage ne..

  2. සකු says:

    පාට්ලි චම්පික වෙඩ පටන් ගෙන .
    කොරොනා ආසිර්වාදයකට ගෙන

    • නොකළ හැක හැක හුක් says:

      හරියටම හරි. අපේ ස හිටියා නම් ඔහොම වෙන්නේ නැහැ. අපේ ස තමයි හොඳටම කොරෝනා පාලනය කරේ.එහෙව් එකේ ඔය කොටි සීන් එතුමාට නතින්.
      කොහෙද ඉතින් මේ පතෝල සිරිසේන එක්ක මොකුත් කරන්න බැහැනේ.

      • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

        පුරැවෙි පිනකට මෙි වෙලාවෙි ස හිටියේ අර ගවපාලු ගංකබරයෝ ටික හරි ගොං සජියා එහෙම හිටියා නමි කොහොමට හිටිවිද කියලා කියන්ඩ අවශ්‍ය නෑනේ. අමිමෝ මයිල් කෙලින් වෙනෝ මතක් වෙනකොටත්.

        • ඇට නම ලස්සේ ට කතිරේ ගහපු නොන්ඩි සිමා says:

          ඔව් නේ. සිරිසේන හිටියා නම් ඉතින් මේ කොරෝනා මර්ධනය කොරල හමාරයි. රෑ නවයට බුදියගෙන උදේ පත්තරේ බලල වැඩ කරපු කෙනානේ. එකට අපේ ස. ස තමයි හොඳටම කරේ. නෙත්තම් අපි ලෝකෙන් 01 වෙනවද ? දැන් බලන්න හරි පිළිවෙලට ඉන්ජෙක්ෂන් ටික ගහන හැටි. කිසි අවුලක් නැහැ තුන්ඩු නැහැ පෝලිම පිටින් නැහැ . එතකොට පොලිසිය හරියටම වැඩ. පොඩ්ඩක් වත් චාටර් පිචන් වෙලා නැහැ. නීති නැමිලි නැහැ. එතකොට ආර්ථිකය සුපිරි. හැම තැනම බලෙන්ම තුන් හතර වතාවක් පන්දහේ කොල බෙදනවා. එපා කියද්දී දෙනවා බලෙන්ම. අර සහන මල්ල. අම්මෝ එකේ තියන දේවල්, කවුරුවත් එකෙන් ගසා කෑවේ නැහැ. නේද ? දැන් ඉතින් රු 200 පු දුන්නා ඇති නේද. ඉතුරු ටික ස ට කියල ඇර ගත්තොත් නරකද.

  3. පොඩි එකා says:

    අනේ කොටියො ඕක ඇන්න ගිහිං පාල්ලිමේන්තු වෙ අටවපංකො අත්වැරැදීමකින් .

    • ගිරවා says:

      කළු කොටින්ට සමාව දුන්න සිරිසේන දැන් මොකද කියන්නේ ? සතුටුද ?පබයෙක් රටේ පාලකයා කෙරු වරද ,මේ මෙලෙච්චේද දෙමළ ත්‍රස්තවාදීන් සදහටම සිරගත කල යුතුයි ..කැලේ මාරු වුනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්න නැහැනේ ..

      • පොඩි එකා says:

        පාල්ලිමේන්තු වෙ අටවව්වහම බොල කැලි ගිලවො, සිලිසේනෙයත් මැලෙනවනෙ. පක්ස පාට නැතුව හැඳිගෑවෙන ලයින් එකක් සෙට් කෙරන්ඩ හැදුවෙ. තටමන්නෙ ඇයි තෝ?