පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයින් 12191ක් නිදහස් කොට අවසන්.. තවත් ඉතිරි එක් අයෙකු පමණයි..

September 28, 2018 at 6:35 am | lanka C news
පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයින් 12191ක් නිදහස් කොට අවසන්.. තවත් ඉතිරි එක් අයෙකු පමණයි..

යුද්දෙන් පසුව ආරක්ෂක අංශ භාරයට පත්ව වසර කිහිපයක් යුදහමුදාවේ පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයින් 12191 දෙනෙකු මේ වන විට නිදහස් කොට ඇති බවටත් තවත් වවුනියාව කඳ එක් අයෙකු පමණක් බවටත් වව්නියාව පූන්තොට්ටම් පුනරුත්තාපන කඳවුරු සම්බන්ධීකරන අධ්‍යක්ෂක කර්නල් අසේල ඔබේසේකර මහතා කියා සිටියේය.

සම්බන්ධීකරන අධ්‍යක්ෂක වරයා මේ බව කියා සිටියේ අද (27) දින වන්නි පූන්තෝට්ටම් පුනරුත්තාපන කඳවුරේදී පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයින් 3 දෙනෙකු පවුලේ ඥාතීන් වෙතට භාර දෙන අවස්ථාවේදී කියා සිටියේය.

ආරක්ෂක අංශ භාරයේ සිට වසර කිහිපයක් පුනරුත්තාපනය වීමෙන් පසුව සමජගත වූවන් 8900 ක් දෙනා වෙනුවෙන් මේ වන විට පුනරුත්තාපන කාර්යංශය විසින් විවිධ වූ කෘෂිකාර්මික පුහුණු පාඨමාලාවන් , ස්වයංරැකියා , ධීවර ආම්පන්න, අධ්‍යපනික කටයුතු ආදිය වෙනුවෙන් පහසුකම් සපයා ඇත.

ඒ වෙනුවෙන් මේ වසරේදී පමණක් රුපියල් මිලියන 26 කට ආසන්න මුදලක් වැය කොට ඇති බවටත් පසුගය වසරවල සිට මේ දක්වා පුනරුත්තාපනය වූවන්ගේ පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 137 ක් පුනරුත්තාපන කාර්යංශය හරහා රජය විසින් දරා ඇති බවටද කඳවුරු භාර සම්බන්ධීකරන අධ්‍යක්ෂක කර්නල් අසේල ඔබේසේකර මහතා කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

33 views
Main News