පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයන් 12600 වහා අත්අඩංගුවට ගත යුතුයි..
October 30, 2016 at 11:20 am | lanka C news
උතුරු නැඟෙනහිර ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත අවුල් කරමින් සිටින්නේ පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් විසින් බැවින් මෙලෙස පුනරුත්ථාපනය වූ හිටපු කොටි සාමාජිකයන් 12,600 වහාම අත්අඩංගුවට ගත යුතුව ඇතැයි ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසීය.
උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ජන ජීවිතය අවුල් වීමට දෙමළ දේශපාලනඥයන්ද වගකිව යුතුව ඇතැයිද ඒ මහතා කොළඹ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේය.
පොලිසියේ රාජකාරිවලට බාධා කිරීම අනුමත කළ නොහැකි වුවද එම සිද්ධියේ දී පොලිසිය ක්‍රියාකළ ආකාරය පිළිබඳ ගැටලු පවතින බවද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසීය.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනකු පොලිස් වෙඩි පහරට ලක්ව මියයැමේ සිද්ධියෙන් පසු මාසයක් ඇතුළත පවුලේ ඥතීන්ට වන්දි ගෙවා නඩු තීන්දු දෙන ලෙසට පිරිස් උද්ඝෝෂණය කිරීම අධිකරණයට බලපෑම් කිරීමකැයිද ඒ මහතා පෙන්වා දුන්නේය.
උතුරු නැඟෙනහිර ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතයට සිදුවන බලපෑම් නතර කිරීම සඳහා රජය වහා පියවර ගත යුතුව ඇතැයි ඒ මහතා තවදුරටත් පැවසීය.
– දිවයින