පුපුරණද්‍රව්‍ය කිලෝ දහසකට ආසන්න තොගයක් අත්අඩංගුවට…

November 21, 2021 at 12:40 pm | lanka C news
පුපුරණද්‍රව්‍ය කිලෝ දහසකට ආසන්න තොගයක් අත්අඩංගුවට…

මන්නාරම ශාන්තිපුරම් ප්‍රදේශයේ නිසක සඟවා තිබූ වෝටර් ජෙල් නැමති පුපුරණද්‍රව්‍ය කූරු කිලෝ 998 ග්‍රෑම් 750 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (20) දින අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

උතුරුමැද නාවික විධානයට අයත් තම්මැන්නා සහ ගජබා අංශයන්ට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව මන්නාරම පොලිස් නිලධාරීන්ගේද සහයෙන් ශාන්තිපුරම් වෙරල ආසන්නයේ පිහිටි සැකකටුයුතු නිවසක සිදුකරන ලද සෝදිසියකදී අදාල පුපුරණද්‍රව්‍ය තොගය සොයාගනු ලැබීය.

එහිදී නිවසේ සූක්ෂමව සඟවා තිබූ වෝටර් ජෙල් පුපුරණද්‍රව්‍ය කූරු 7990 ක් උරයක සඟවා තිබියදී සොයාගත් අතර නිවසේ සිටි පුද්ගලයින් දෙදෙනෙකුද සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අදාල පුපරණද්‍රව්‍ය තොගයන් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන එන්නට ඇති බවටත් මන්නාරම් මුහුදේ නීතිවිරෝධීව පුපුරණද්‍රව්‍ය යොදා මසුන් මැරීම සඳහා මෙම වෝටර් ජෙල් පුපුරණ දුව්‍ය කූරු භාවිත කිරීමට සැකකරුවන් විසින් සැලසුම් කොට ඇති බවටත් නාවික හමුදාව සැක පලකර සිටියි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම ශාන්තිපුරම් වංකාලෙයි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 54 සහ 57 වයස්හි පසුවන අතර ඔවුන්ට නීතිමය පියවර ගැනීම සඳහා මන්නාරම් පොලීසියට භාරදීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

19,555 views

6 Comments to “පුපුරණද්‍රව්‍ය කිලෝ දහසකට ආසන්න තොගයක් අත්අඩංගුවට…”

  1. සවාධීන says:

    ඡන්දේ ලගයි!

  2. දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා says:

    ආයිබොන් ගලඋඩ වත්තේ වැඩ පටන් අරන් වගේ. අජෙන්ඩා එකේ මුලින් ම එන්නේ මොන ඡන්දෙ ද ආය්බොන්?

  3. සාෆියා මතකයි says:

    සහරාන් ලොක්කගෙ ලොකු ලොක්ක මේකට සම්බන්ධ නැතිව ඇති. ඉන්දියාවෙන් වත් අහල බලන්න පුළුවන්.

  4. Darshana abayakoon says:

    යහපාලුවො හිටිය නම් ඔය කිලො දාහම පුපුරනව. දුන්න චන්දෙ ගැන ආඩම්බරයි.

  5. Ammmoooo… election langa nisa… yakooo please don’t cheat innocent people…🤣🤣🤣😂😂😂😅

  6. මෝ says:

    පලාත් සබාව වත් ලගයිද බං?ගානටම කියනව වයස්ත් එක්කම.මෙදාපර ඕව ඔට්ටු නෑ ගොය්යෝ.කනවම තමා.

Leave a Comment