පුරන් වු කුඹුරු යායක් අස්වද්දා අස්වැන්න ශාසනයට භාරදෙයි…

February 26, 2019 at 8:02 am | lanka C news
පුරන් වු කුඹුරු යායක් අස්වද්දා අස්වැන්න ශාසනයට භාරදෙයි…

ගිනිගත්හේන අඹගමුව නුගේදෙණිය ප්‍රදේශයේ  පුරන් වු කුඹුරුයාය වසර 7 කට පසු අස්වද්දා එහි අස්වැන්න අඹගමුව විජයබාහු පිරිවෙනට භාර දිම එම වෙල් යායේදි සිදු කෙරිණ.

අඹගමුව ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි හෙලප්‍රිය නන්දරාජ මහතා විසින් එම විහාරස්ථානයේ ධායක සභාව සහ ගොවි සමිතිවල සමාජිකයන් දිරි ගන්වමින් විහාරස්ථානයට අයත් අක්කර 3 ක භුමි ප්‍රමාණයක අස්වද්දා එහි අස්වැන්න එම විහාරස්ථානයේ විහාරාධිපති උඩුගම පලාතේ අධිකරණ සංඝනායක නන්දසාර හිමියන් වෙත භාරදෙනු ලැබිය.

නුගදෙණිය කුඹුරු යාය වසර ගණනාවක් තිස්සේ පුරන් විමට ඉඩ හැර තිබිම නිසා යලිත් එම කුඹුරුයාය අස්වැද්දිම සදහා එම ඉඩම් වල අයිතිකරුවන් දිරි ගැන්විමට විහාරස්ථානය සතු කුඹුරුයාය අස්වැද්දු බවයි හෙලප්‍රියනන්ද රාජ මහතා කියා සිටියේය.

අඹගමුව ප්‍රදේශයේ  මෙවැනි පුරන් වු කුඹුරු ඉඩම් ගණවක් ඇති බවත්, එම ඉඩම් අස්වැද්දිමට ගොවි සමිති දැනුවත් කිරිමට හෙලප්‍රිය නන්ද රාජ මහතා කටයුතු කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

253 views

One Comment to “පුරන් වු කුඹුරු යායක් අස්වද්දා අස්වැන්න ශාසනයට භාරදෙයි…”

  1. saman says:

    ආදර්සමත් සේදපාලනය

Main News