පුරප්පාඩු ඇමති ධුර ගන්න ශ‍්‍රීලනිපයේ පොරයක්.. ඇමති ධුර ඉල්ලා ජනපති මැදුරේ වාඩිලා ගනිති..

April 12, 2018 at 3:50 pm | lanka C news
පුරප්පාඩු ඇමති ධුර ගන්න ශ‍්‍රීලනිපයේ පොරයක්.. ඇමති ධුර ඉල්ලා ජනපති මැදුරේ වාඩිලා ගනිති..

කැබිනට් ඇමතිවරුන් 06 දෙනෙකු ඇතුළුව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් ඇතුළු 16 දෙනෙකු එම ධුරයන්ගෙන් ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු තනතුරු ලබා ගැනීම සදහා එම ආණ්ඩු පක්‍ෂය තුල තරගකාරී තත්වයක් ඇතිව තිබෙව බව වාර්තා වෙයි.

අලූත් අවුරුද්දට විදෙස් ගතවීමට හෝ කොළඹින් බැහැර වීමට සිටි පිරිස් බොහෝමයක් එම සංතාරයන් අවලංගු කර දමා ජනාධිපති මන්දිරය තුලත් ජනාධිපති ලේකම් කාර්යාලයේත් ගැවසෙමින් සිටින්නේ යයිද සදහන්ය.

මේ අතර රජයේ ආරංචි මාර්ග සදහන් කරන්නේ පුරප්පාඩු කැබිනට් ඇමැති ධුර හය ශ්‍රීලනිපයේම පිරිසකට හිමිවනු ඇති බවයි.

කෙසේ වෙතත් ආණ්ඩුවේ සිටීම හෝ නොසිටීම ගැන ඉදිරියේදී පැවැත්වෙන ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී ගන්නා තීරණය අනුව බොහෝ දේ වෙනස් වනු ඇතැයිද වාර්තා වේ.

11 views

4 Comments to “පුරප්පාඩු ඇමති ධුර ගන්න ශ‍්‍රීලනිපයේ පොරයක්.. ඇමති ධුර ඉල්ලා ජනපති මැදුරේ වාඩිලා ගනිති..”

  1. Nalaka says:

    ඒකාබඩ්ඩත් ඇමත්කම් ගනී

    • Kamal says:

      ඊනියා ජාතික ආණ්ඩුවේ පිං ඇමතිලා ජාතික ආණ්ඩුව ආරක්ෂා කරමින් ඉල්ලා අස්වෙන්නේ 2020 දී නැවත හංසයා ජනාධිපති කරවීමටද?

  2. polonnaruve wije says:

    2020 දි පොහොට්ටු චන්ද දෙකට බෙදී හංසයා 2වැනි මනාපයෙන් දිනන්න දැන් සෙල්ලම හරි.දාන් ඉත්තා සෙට් වුණේ හංසයා රජ වීමටය..

  3. Nim says:

    ME HIGANO
    MADU WALGENEN
    THALA BOOWALEN THALA
    ALAWA DAMIYA YUTHIYA UTHIE

Main News