පුරවැසිකම අත්හරින්න ඇමෙරිකාව ගෝඨාභයට ඉඩ දුන්නේ කුමන කොන්දේසි යටතේ ද? රහස් රැසක් හෙළි කරයි…

October 10, 2019 at 6:26 am | lanka C news
පුරවැසිකම අත්හරින්න ඇමෙරිකාව ගෝඨාභයට ඉඩ දුන්නේ කුමන කොන්දේසි යටතේ ද? රහස් රැසක් හෙළි කරයි…

සජිත් ප්‍රේමදාස මහතා එජාපය ජනපති අපේක්ෂකත්වය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට ඇති හැකියාව පෙන්වා නොව, ජනපතිවරණයට ඉදිරිපත් වුවහොත් රනිල් වික්‍රමසිංහ සහ කරු ජයසූරිය මහතාට වඩා තමන්ට යම් ඡන්ද ප්‍රමාණයක් දිනාගත හැකි බවට පළ වන ජනමත විමසුම් පෙන්වමින් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ හිරු සලකුණ වැඩසටහන හා එක්වෙමින්.

මීට අමතරව ජනපති සටන තුළ එජාපයේම ඇතැම් මැති ඇමතිවරුන් සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත් කිරීමට සිදුකරන වැඩ පිළිවෙළ ඇතුළු දේශපාලන පිටියේ අභ්‍යන්තර කරුණු රැසක් මෙම වැඩසටහනේදී ගම්මන්පිල මන්ත්‍රිවරයා විසින් හෙළිදරව් කරන ලදී.

මීට අමතරව ඉතා පහසුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඇමෙරිකාව විසින් ඉවත් කළේ ඇයි ද? ඒ සඳහා ඇමෙරිකාව සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර යම් ගිවිසුමක් පවතීද ? වැනි පසුගිය වකවානුවේ දැඩි කතාබහට ලක්වූ ප්‍රශ්න ගණනාවකට නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම වැඩසටහනේ දී පිළිතුරු ලබා දුන්නේය.

එමෙන්ම මෙම වැඩසටහනේ දී, ඉදිරි ජනපතිවරණය ජය ගත හැක්කේ කාටද යන්න පිළිබඳ පසුගිය මැතිවරණ ප්‍රතිඵල ආශ්‍රයෙන් උදය ගම්මන්පිල මහතා විසින් සිදුකරන ලද විග්‍රහය මේ වන විට වැඩි දෙනෙකුගේ අවධානයට යොමු වී ඇත.

සම්පූර්ණ වැඩසටහන මෙතනින්

93,721 Viewers

12 Comments to “පුරවැසිකම අත්හරින්න ඇමෙරිකාව ගෝඨාභයට ඉඩ දුන්නේ කුමන කොන්දේසි යටතේ ද? රහස් රැසක් හෙළි කරයි…”

  1. සීගිරි says:

    බටහිර බලවේග වල උත්සාහය මේ රටේ පාලන බලය ජනතාව අතට පත් වන්නට නොදී ලංකා නවයටත් විජිතයේ බලය තව දුරටත් තම රතු,කොල,නිල් හෙන්චයියන් මාර්ගයෙන් තම ග්‍රහනයේ තබා ගැනීමටයි..
    ඒ සඳහා ප්ලෑන් A,B,C වශයෙන් සැලසුම් ඇත…plan A හැකිතාක් කල් යහපාලන පවත්වාගෙන යාමයි….plan A රැකගැනීමට බැරි වන විට plan B සැලැස්මට මාරැ වී තරමක් අවාසිදායක තත්වයන් යටතේ හෝ යටත් විජිතය රැක ගැනීම ඔවුනගේ උපක්‍රමය වේ…plan B වන්නේ රාජපක්ෂලා නැවත බලයට පත් කිරීමයි…
    මේ මොහොත් ඇමරිකන් තානාපති කාර්යාලයේ සෘජු මැදිහත් වීමකින් මේ සියලුම දේශපාලන පක්ෂ චෙස් ලෑල්ලේ හසුරවන ආකාරය දැකගත හැක.ජනතා විප්ලවයකින් මේ රටේ බලය ජනතාව අත් වනවාට වඩා රාජපක්ෂලා අතට පත් වනවා දැකීම බටහිරට පිලිගත හැකි විසදුමකි (මෙය මිට අවුරැද්දකට පෙර පල කල කමෙන්ට් එකක්)

    • සුමනසිරි says:

      පුටින් මුල්වරට බලයට ගෙනාවේ ඇමෙර්කාවේ පම්බයෙක්ව සිටි යෙල්ට්සින්මයී. නමුත් දැන් මුළු රුසියාවම විතරක් නෙමෙයී මුළු ලෝකෙම ඔහුට කැමතියී.

    • Saman says:

      ගෝටාභය ගේන්නේ ඇමරිකාවේ උවමනාව මතය. පුරවැසි බව ඉවත් කලද ඔහු වසර 10 යනතුරු ඇමරිකාවට පක්ෂපාති වියයුතුය.

      • සජියගේ පිම්පියා says:

        ට්‍රුම්ප් ද බොට ඕක කිව්වේ? නැත්තන් තෝ අර ඇමරිකන් තානාපති කටු හැතිරි එක්ක නිදිවදිනවද?

    • දින්ගා says:

      තමුසේ දන්නවද ලිබියාව ඇමෙරිකාව ප්‍රමුක නේටෝව බෝම්බ දාල විනාස කොරල අල්ලගත්තට පස්සේ ඇමෙරිකන් හමුදාව බයේ ලිබියාව අතහැරලා පැනල දුවනකල් ගහපු කලීෆා හෆ්ටාර් ඇමෙරිකානු පුරවැසියකු වන ලිබියානු ජාතිකයෙකු බව?

      • toka says:

        kalifa haftar google කරන්න please. ඔහු CIA සංවිධානය සමග එකතු වී ලිබියාව විනාස කිරීමේ මෙහෙයුමට සහය දෙනවා. පසුව එහි බලය අල්ල ගැනීම සඳහා අති විශාල ලේ වැගිරීමක් සිදුකරනවා. අපිත් එසේ කර ගත යුතුද? ඇමෙරිකන් කාරයන් සහ CIA කාරයන් පැත්තකට කර අපේ ගමන යමු.

  2. sirimal says:

    අද නිවාස අමාත්‍යංශයේ සියලු සේවකයන් කොළඹට කැඳවල උදේ රැස්වීමකට. හවස් වරුවට ගෝල් ෆේස් දක්කන්න හදන්නේ . මැකෝ නිදි ද ?

  3. පුරනප්පු says:

    ඇමෙරිකාවට වැඩියෙන්ම වාසි ලපයා ආවනම් තම්‍යි

    • Wiki says:

      නෑ සොල්දාදු උන්නැහේ තමා වඩා වාසි..
      මතක තබා ගන්න ගෝටාගේ බිරිඳත් (අනාගත රාජ්‍යනායකයාගේ බිරිද ) හා ගෝටාගේ පුතාත් දිව්රැම් දී ඇමෙරිකාව වෙනුවෙන්,ඇමෙරිකාව ඉල්ලා සිටින ඕනෑම මොහොතක අවි දැරීමට සූදානම්ව සිටින දෙදෙනෙකි.

      • ගජමන් says:

        මොකද්ද දන්නේනැහැ ගොටගේ බිරිය දරන අවිය නේද බන්? පලයන් පිම්පියෝ යන්න

        • ඇමෙරිකානු භීතිය says:

          ගෝටගේ පුතාත් බිරිඳත් ඇමෙරිකාවේ ඇමෙරිකානුවන්. එමනිසා ගෝටාභය රාජපක්ෂට ඇමෙරිකාවට විරුද්ධ් කිසිදු ක්‍රියාවක් කල නොහැක. ඒ මන්දයත් ඇමෙරිකාවට ඔහුගේ පවුලට අඩන්තේට්ටම් කිරීමට හැකි බැවිනි. එනිසා SOFA, ECTA ට අමතරව අනෙක් සියලු ගිවිසුම් වලට ශ්‍රී ලංකාව අත්සන් තැබීම වැළකිය නොහැක. කොටින්ම අපරට ඇමෙරිකාවේ වේස ගැහැණිය බවට පත්වනු ඇත.

  4. chandi says:

    mulin kiwwa gothabhaya mahatha puravesi kama ath hariye naha kiyala . naduth dapuwa peraduna. dan kiyanawa America puravesi kama ath harinna dunne mona kondesi walatada kiyala . menada me depeththata wenena katha.
    re daniyel dawal migel wagei

Main News