පුරවැසි බලය දැන්වීමෙන් සිංහල ජාතියට අපහාසයක්.. නම් අතර මැකෝගේ සහෝදරයා සුනන්ද දෙශප්‍රියත්, බස් ගැමුණුත්, සෝමරතන දිසානායක…

June 29, 2017 at 12:12 am | lanka C news
පුරවැසි බලය දැන්වීමෙන් සිංහල ජාතියට අපහාසයක්.. නම් අතර මැකෝගේ සහෝදරයා සුනන්ද දෙශප්‍රියත්, බස් ගැමුණුත්, සෝමරතන දිසානායක…

“ජාතිවාදය සහ ආගමික අන්තවාදය එපා එපා එපා” කියා සිංහල බෞද්ධයන් පමණක් වැරැදිකරුවන් ලෙස හුවා දක්වන දැන්වීමක් පසුගිය ජූනි 23 වෙනි දින ලංකාදීප පුවත්පත හරහා පලකොට තිබුණි. මෙම දැන්වීම මගින් මෙරටේ ජීවත්වන මුස්ලිම් සහ ක්‍රිස්තියානි භක්තිකයින්ට හිංසා කොට ඔහුන්ගේ ආගමික නිදහස මෙන්ම ඔහුනගේ ආර්ථිකය විනාශ කරන බවට මෙරටේ ජීවත්වන සමාජ ක්‍රියා කාරින් ලෙස හදුන්වා දෙන 173 දෙනෙකුගේ නමින් එම දැන්වීම පල කොට තිබුනි.

මේ සම්බන්ධයෙන් ඊයේ දින පූජ්‍ය අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් විසින් බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක ලෙස පොලිස්පතිවරයාට පැමිනිල්ලක් භාර දුනි. එහි සඳහන්වනුයේ “පුරවැසි බලය” හා “සාධාරණ සමාජයක් උදෙසාවු ජාතික ව්‍යාපාරය” විසින් ජාතිවාදය හා ආගම්වාදය පැතිරවීමේ අදහසින් අත්සන් 173 ක් සහිතව පුවත්පත් දැන්වීමක් පලකොට තිබු බවයි.

මෙහිදී විශේෂය වනුයේ මෙරටේ 75% සිංහලයන් වෙසෙන අතර එයින් 70% බෞද්ධයන් වන අතර 7% කතෝලිකයන් සම්බන්ධයෙන් හෝ මේ රටේ උතුරු නැගෙනහිරි සිදුවන පුරාවස්තු විනාශය සම්බන්ධයෙන් හෝ කිසිම සඳහනක් නොකොට තිබීමයි.

සිංහලයන් සහ බෞද්ධයන් මෙන්ම කතෝලිකයින් විසින් අන්‍යාගමික සුලු ජනතාවට හිරිහැර කරන බවට ඉදිරිපත් කල පැමිනිල්ලක් බදු පුවත්පත් දැන්වීමට නම් යොදා ඇති 173 දෙනා අතර වර්තමාන මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ සහෝදරයා වන සුනන්ද දේශප්‍රිය නම 68 වෙනියාටත් සමස්ථ ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ගේ නම 130 ටත් තිබේ, බෙනට් රත්නායකගේ නම 42 වෙනියාටත් 92 වෙනියාටත් ලෙස දෙපාරක් යොදා ඇත. අසාද් සාලිගේ නම 119 ටත් යොදා ඇත.

එමෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරතන දිසානායක මෙන්ම කලා කරුවන් වන 9 වෙනියාට ධර්මසේන පතිරාජ, 10 වෙනියාට ධර්මසිරි බණ්ඩාරනායක. 11 වෙනියාට අසෝක හදගම 17 වෙනියාට සුනිල් පෙරේරා ( ජිප්සීස්) 18 වෙනියාට ලූෂන් බුලත්සිංහල, 19 ට පරාක්‍රම නිරිඇල්ල, 23 වෙනියට බුද්ධදාස ගලප්පත්ති. 44 රොෂාන් පිලපිටිය, 61 වෙනියාට චාන්දනී සෙනෙවිරත්න, 67වෙනියාට මොහාන්රාජ් මඩවල ඇතුළු පිරිසකගේ නම් සඳහන්ය.

මෙම දැන්වීම හරහා මෙරටේ 75%ක් ජීවත්වන සිංහලයන්ට මෙන්ම බෞද්ධයන්ටත් කතෝලිකයින්ටත් අපහාසයක් වන අතර රටේ ජනාධිපතිවරයා, අධිකරණ අමාත්‍යවරයා සහ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් කල ප්‍රකාශයක් ද සම්පූර්ණයෙන්ම මෙම පුවත්පත් දැන්වීම හරහා හෑල්ලුවට ලක් කොට ඇත.

එමෙන්ම මෙහි විශේෂත්වය වනුයේ එම දැන්වීම පලකළ පුද්ගලයින් 173 දෙනාගේ නම් අතර බෞද්ධ භික්ෂුවක් වන දබර අමිල හිමි 1 වෙනියාටත්, මේ ආණ්ඩුවේ නව ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනි සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්ත 12 වෙනියා ලෙසත් පෙනි සිටින අතර 147 වෙනියාට ආණ්ඩුවේ මන්ත්‍රී වරයෙකු වන මුජිබර් රහුමාන් ද සිටි. එමෙන්ම ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න නම 25 වෙනියාටත් ජනාධිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයාගේ චෝදනාවට ලක්වු නීතිඥ ලක්ෂාන් ඩයස්ගේ නම 47 වෙනියා ලෙසත් එම දැන්වීමේ ප්‍රදර්ශනය කොට ඇත.

පලකල දැන්වීම සහ නම් 173 මෙතනින්

315 views
Main News