පුරාවිද්‍යා දාගැබ මත නැගි සියළු දෙනා අත්අඩංගුවේ.. ඔවුන් අග්නිදිග සරසවි ඉංජිනේරු සිසුන්..

January 24, 2019 at 8:02 am | lanka C news
පුරාවිද්‍යා දාගැබ මත නැගි සියළු දෙනා අත්අඩංගුවේ.. ඔවුන් අග්නිදිග සරසවි ඉංජිනේරු සිසුන්..

පසුගියදා හොරොව්පොතාන කිරලාගල පුරාවිද්‍යා භූමියේ දාගැබක් මතට නැගී පින්තූර ගෙන සමාජ මාධ්‍ය වෙත මුදා හරින ලද තරුණයන් 08 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර හා අක්කරෙයිපත්තු ප්‍රදේශවලදීය.

මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුන් 8 දෙනෙකි.

මෙම පිරිස අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

196 views
Main News