පුරා විද්‍යා ඉඩමක නිදන් හාරයි…
February 12, 2022 at 6:19 am | lanka C news
මන්නාරම වංකාලෙයි වසිතිපුරි ප්‍රදේශයේ පුරාවිද්‍ය ඉඩමක නිධන් හෑරීමට උත්සහ ගත් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට වංකාලෙයි පොලීසිය පවසයි.
වස්තිපුරි ප්‍රදේශයේ පිහිටි පුරා විද්‍යා ඉඩමක කිසියම් පිරිසක් විසින් නිධන් හෑරීමට උත්සහ ගන්නා බවට වංකාලෙයි පොලිස් නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් අදාල ප්‍රදේශයේ පසුගිය 09 වනදා රාත්‍රියේ සිදුකරන ලද සෝදිසියකදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.
එහිදී සැකකරුවන් සතුව තිබූ නිධන් හෑරීමට ගන්නා උපකරණද සමගින් අත්අඩංගුවට ගෙන ඇති අතරම සැකකරුවන් අවුරුදු 18 ත් 65ත් අතර පසුවන වංකාලෙයි ප්‍රදේශයේ පදිංචි කරුවන් වෙයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය වෙතට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද වැඩිදුර පරික්ෂණ සිදුකරන වංකාලෙයි පොලීසිය පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
පුතානෝ චන්දයට සල්ලි හොයන්න විවිධ උපක්‍රම පාවිච්චි කරනවා වගේ. බොත්තම තද කරාට පුරා වස්තු උඩට එන්නේ නැහැනෙ.
නිධන් හාරන අය ජීවිතාන්තය දක්වා සිරගත කල යුතුය.