පුෂ්පිකාද සිල්වා රූ රැජින වෙන්න චතුරාර්ය සත්‍ය අවභාවිත කරලා.. භික්‍ෂුවකගෙන් ජනපතිට පැමිණිල්ලක්…

April 14, 2021 at 12:00 pm | lanka C news
පුෂ්පිකාද සිල්වා රූ රැජින වෙන්න චතුරාර්ය සත්‍ය අවභාවිත කරලා.. භික්‍ෂුවකගෙන් ජනපතිට පැමිණිල්ලක්…

විවාහක රූ රැජින ලෙස තේරී පත් වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියට විරුද්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ මාතලේ සංඝානන්දාරාම වාසී පූජ්‍ය මාපලගම හේමානන්ද හිමියන් වෙතිනි.

අදාළ පැමිණිල්ල මෙසේ ය.

පූජ්‍ය මාපලගම හේමානන්ද හිමි
සංඝානන්දරාමය
සංඝානන්ද මාවත
මාතලේ
2021 අප්‍රේල් 13

අතිගරු ජනාධිපතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 1

ගරු ජනාධිපති තුමනි,

බුද්ධ චරිතය, ත්‍රිපිටකය සහ බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳව වැරදි අර්ථ කථන දෙමින් දුර්මත පතුරුවන අය ගැන සොයා බැලීමට ඔබතුමන්ගේ නියෝගයෙන් පත් කළ කමි‍ටුව ඉතා කාලෝචිත පියවරකි .

”ශ්‍රී ලංකාව ථෙරවාදී බෞද්ධ මූලස්ථානයයි. පිරිසිදු ථෙරවාදී බුදුදහම විනාශ කර දැමීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණ වැළැක්වීමට රජය කඩිනමින් මැදිහත් විය යුතුය. දුර්මතධාරීන් ශාස්ත්‍රීයව පරාජය කිරීමට වැඩපිළිවෙළක් අවශ්‍යය”. ජනපති නියෝගයේ පූර්විකාව ලියැවී ඇත්තේ එලෙසිනි.

මෑතකදී මාගේ දායක සභාවේ අයෙක් ඉදිරිපත් කළ කරුණක් ඔබගේ අවධානයට යොමු කරමි. (අදාල සාක්ෂි උපලේඛනයක් ලෙස අමුනා ඇත) කරුණු විමසීමේදී පසුගියදා පැවති රූ ‍රැජින තරඟයකදී සද්ධර්මයේ මුදුන් මල්කඩ වූ ”චතුරාර්ය සත්‍ය” අවභාවිතා කොට ඇති බව පසක් විය.

එදා සිද්ධාර්ථ කුමරු ඔ‍ටුන්න හැර දා චතුරාර්ය සත්‍ය සොයා ගියේය. මෙදා කාන්තාවක් චතුරාර්ය සත්‍ය අවභාවිතා කොට රූ ‍රැජින කිරුළක් හඹා ගොස් ඇත . ආර්ය සත්‍ය වැනි පරම ඝාම්භීර ඉගැන්වීමක් රූ ‍රැජින තරඟයක කිරුළ ලබා ගැනීමට අවභාවිතා කිරීම වැරදි පුර්වාදර්ශයකි.

චතුරාර්ය සත්‍ය යනු නිවන් මග පසක් කරගැනීම සඳහා අනුගමනය කළ යුතු මූලික ප්‍රතිපදාව ඇතුලත් ඉගැන්වීමයි. එවැනි උතුම් දේශනාවක් මෙවැනි අතිශය අලජ්ජි, ලෞකික දෙයක් ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකිය.

මෙය පිරිසිදු ථේරවාදී බුදු දහම ”විකෘතියක්” මෙන්ම ”හෑල්ලුවට” ලක්කිරීමකි. කරුණු එසේ හෙයින් මෙම අකටයුත්ත ගැන කරුණු සොයා බලන ලෙස සහ මින් ඉදිරියට මෙවැනි අකටයුතු දෑ සිදුවීමට ඇති ඉඩ අවුරා දමන ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

මෙත් සිතිනි,

අත්සන් කළේ,
මාපලගම හේමානන්ද

60,858 views

35 Comments to “පුෂ්පිකාද සිල්වා රූ රැජින වෙන්න චතුරාර්ය සත්‍ය අවභාවිත කරලා.. භික්‍ෂුවකගෙන් ජනපතිට පැමිණිල්ලක්…”

  1. නාරිලතා says:

    අනුන් ගැන නොසොයා, තමන් ගැන විමසා අවබෝධ කර ගැනීම ගුණ දහමයි. කරන්න වැඩක් ඇත්තටම නැතිනම් බුලත් විට කන්න. මෙි වගේ ලොන්ත ටෝක් වලින් සමාජය නිරපරාදේ ඇවිස්සීමට ලක්වෙි.

    • කළු-තර says:

      අමූලික ඇත්ත
      කතාකරන්න ඕනෑතරම් දේවල් තියෙද්දි
      ඕන්නැති රෙද්දවල් ගැන තමය් කතාකරන්නෙ

  2. බයියට රෙද්දක් ජාතික ව්‍යාපාරය says:

    අවසරයි හාමුදුරුවනේ පුෂ්පිකා අවභාවිත කරේ චතුරාර්ය සත්‍යය නෙමේ, එයාගේ පශ්චාත් භාගය. ඒක එයත් එක්ක හිටපු ඕන කෙනෙක් දන්නවා. බොරු නම් ලොකු බේබි ගෙන් අහන්න. එයා ගොඩක් කල් මෙයාට නොසෑහෙන්න උදව් කරා.

    • Nimal says:

      මෙි ගොන් නාමිබට ඒකඅස්සෙත් රාජපක්ස භීතිකාව පවි යකෝ මු දැන්නං අංගොඩ යන කාලේ හරිවගේ

    • හතර හිනා says:

      සාදු හිට්ලර්ට ලියුමක් ලියලා බුදු දහම බේරා දෙන්න කියලා…

  3. sana says:

    hamuduruwo thamanta sudusu dewal gana hoyanawan neda hoda?owwa bala bala inna giyith obata thama sasare athraman wenna wenne….

  4. kawinda says:

    chararya sathya gena Saadu katha karana ona ohoma newei. rate paalakayinta chathuraarya sathyayen banak kiyala pahadaa denna janathawage duka gena. eka pinak.

  5. ගමරාල says:

    පුශ්පික චතුරාර්‍යසත්‍ය ප්‍රතික්ශේප කරලද හාමුදුරුවනේ ?

  6. ගමරාළ says:

    චතුරාර්‍යසත්‍ය අවභාවිතා කරපු එකයි ප්‍රශ්නෙ..! සම්පූර්ණයෙන් භාවුතා කරානම් ප්‍රශ්නයක් නෑ..!

  7. සමන්ත says:

    ඔබ වහන්සේට වැරදි දෙයක් පෙන්වා දෙන්න කැමැති ථෙරවාද බුදු දහමේ මුලස්ථානය ලංකාව නොවන බව අපේ රටේද තියෙන්නේ තායිලන්තයේ සහ බුරුමය යන රටවලින් ගෙනෙන ලද බුදු දහමයි. එසේ නම් ථෙරවාදී බුදු සමයේ මුලස්ථානය විය යුත්තේ තායිලන්තයයි. එයට හේතුව එරට 95%ක් ම ථෙරවාදී බෞද්ධයන් සිටින රටක්. අපේ රටේ වගේ හැම දේටම එහි හාමුදුරුවන් වහන්සේලා විරුද්ධ නොවේ. අපේ රටේ කාන්තාවගේ ඇදුම ගැන පවා බණ දේශනා කරන අය සිටි. නමුත් මේ හැමටම අමතකයි. එදා රජ දවස කුලයෙන් අඩු පිරිමි ගැහැනු දෙගොල්ලන්ම හිටියේ උඩුකය නිරුවත්ව බව. ඔවුන් පන්සල් ගියේ නැද්ද. අපේ රටේ ඉන්නේ බොරු බෞද්ධයන් ය.

  8. APPUHAMI says:

    Mechchara Rate prashna thiyeddi mara dewal dakinne, Narakada hamuduruwane ara meda peradiga duk vindina ahinsaka ammala gena katha karanam.

Main News