පුෂ්පිකාද සිල්වා රූ රැජින වෙන්න චතුරාර්ය සත්‍ය අවභාවිත කරලා.. භික්ෂුවකගෙන් ජනපතිට පැමිණිල්ලක්…
April 14, 2021 at 12:00 pm | lanka C news
විවාහක රූ රැජින ලෙස තේරී පත් වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියට විරුද්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ මාතලේ සංඝානන්දාරාම වාසී පූජ්‍ය මාපලගම හේමානන්ද හිමියන් වෙතිනි.
අදාළ පැමිණිල්ල මෙසේ ය.
පූජ්‍ය මාපලගම හේමානන්ද හිමි
සංඝානන්දරාමය
සංඝානන්ද මාවත
මාතලේ
2021 අප්‍රේල් 13
අතිගරු ජනාධිපතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 1
ගරු ජනාධිපති තුමනි,
බුද්ධ චරිතය, ත්‍රිපිටකය සහ බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳව වැරදි අර්ථ කථන දෙමින් දුර්මත පතුරුවන අය ගැන සොයා බැලීමට ඔබතුමන්ගේ නියෝගයෙන් පත් කළ කමිටුව ඉතා කාලෝචිත පියවරකි .
”ශ්‍රී ලංකාව ථෙරවාදී බෞද්ධ මූලස්ථානයයි. පිරිසිදු ථෙරවාදී බුදුදහම විනාශ කර දැමීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණ වැළැක්වීමට රජය කඩිනමින් මැදිහත් විය යුතුය. දුර්මතධාරීන් ශාස්ත්‍රීයව පරාජය කිරීමට වැඩපිළිවෙළක් අවශ්‍යය”. ජනපති නියෝගයේ පූර්විකාව ලියැවී ඇත්තේ එලෙසිනි.
මෑතකදී මාගේ දායක සභාවේ අයෙක් ඉදිරිපත් කළ කරුණක් ඔබගේ අවධානයට යොමු කරමි. (අදාල සාක්ෂි උපලේඛනයක් ලෙස අමුනා ඇත) කරුණු විමසීමේදී පසුගියදා පැවති රූ රැජින තරඟයකදී සද්ධර්මයේ මුදුන් මල්කඩ වූ ”චතුරාර්ය සත්‍ය” අවභාවිතා කොට ඇති බව පසක් විය.
එදා සිද්ධාර්ථ කුමරු ඔටුන්න හැර දා චතුරාර්ය සත්‍ය සොයා ගියේය. මෙදා කාන්තාවක් චතුරාර්ය සත්‍ය අවභාවිතා කොට රූ රැජින කිරුළක් හඹා ගොස් ඇත . ආර්ය සත්‍ය වැනි පරම ඝාම්භීර ඉගැන්වීමක් රූ රැජින තරඟයක කිරුළ ලබා ගැනීමට අවභාවිතා කිරීම වැරදි පුර්වාදර්ශයකි.
චතුරාර්ය සත්‍ය යනු නිවන් මග පසක් කරගැනීම සඳහා අනුගමනය කළ යුතු මූලික ප්‍රතිපදාව ඇතුලත් ඉගැන්වීමයි. එවැනි උතුම් දේශනාවක් මෙවැනි අතිශය අලජ්ජි, ලෞකික දෙයක් ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකිය.
මෙය පිරිසිදු ථේරවාදී බුදු දහම ”විකෘතියක්” මෙන්ම ”හෑල්ලුවට” ලක්කිරීමකි. කරුණු එසේ හෙයින් මෙම අකටයුත්ත ගැන කරුණු සොයා බලන ලෙස සහ මින් ඉදිරියට මෙවැනි අකටයුතු දෑ සිදුවීමට ඇති ඉඩ අවුරා දමන ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
මෙත් සිතිනි,
අත්සන් කළේ,
මාපලගම හේමානන්ද
අපේ හාමුදුරුවෝ පුෂ්පිකාගේ වෙන කොහෙද දිහා බලන් ඉදලා දැන් මේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතාවක් නේද කරන්නේ? ඔය දායක සභාවේ කියන පොරත් නින්දෙන් නැගිට්ටම ඔලුවට ආව කෙනෙක් නේද? කය දිහා බලාගෙන භාවනා කරන්න එපා හාමුදුරුවනේ. එතකොට ඔය වගේ ගොන් කතා, බොරු කතා කියවෙනවා.
පුෂ්පිකා බෞද්ධ නොවේ, ආගමේ. දින්න වෙලේ ඉඳලා ‘දෙවියන් වහන්සේට’ ස්තුති කලා. දැන් බොරුවට බුදුන් වහන්සේ ලොකු වෙලා. කැතරින් ජුරි දේමලියක්ද? ජනපතිතුමනි, සොයා බලන්න.
Yes you racial minded dirty prick! What is your problem if Caroline Jurie being a Tamil woman? What the Prez going to do for that? Tamils also part of this country remember you fool!
Me unnanseta nikam pissui wageda? Budhdhagamata me wage thuttu deke arthakathana denna epa unnanse. Prasidda wenna ona nam wena deyak karanna.
හාමුදුරුවනේ.. ඔබ වහන්සේලා චතුරාර්ය සත්‍ය හරියට භාවිතා කරල හිටියොත් තමා ඔය ලියමනේ වටිනාකමක් තියෙන්නෙ. ගිය අවුරුද්දට ඔබ වහන්සේගේ ධර්ම ප්‍රචාරණය නිසා අබෞද්ධයෝ කී දෙනෙක් බුදුන් සරණ ගියාද?
මේ කාලේ ගොඩාක් හාමුදුරුවරු අතින් චතුරාර්ය සත්‍යය අවභාවිතාවට ලක්වෙනවා නේද?ඇයි නැකත් ,නිමිති ,කේන්දර ,දේවාල ,හදිහූනියම් කරන හාමුදුරුවරු චතුරාර්ය සත්‍යය අවභාවිතා කරන්නේ නැද්ද?
මේ කාලේ ගොඩාක් හාමුදුරුවරු අතින් චතුරාර්ය සත්‍යය අවභාවිතාවට ලක්වෙනවා නේද?ඇයි නැකත් ,නිමිති ,කේන්දර ,දේවාල ,හදිහූනියම් කරන හාමුදුරුවරු චතුරාර්ය සත්‍යය අවභාවිතා කරන්නේ නැද්ද?ඒ වගේම ශ්‍රී ලංකා unp jvp පොහොට්ටු දේශපාලන කරන පාර්ලිමේන්තු යන හිමිවරු කරන්නෙත් චතුරාර්ය සත්‍ය අවභාවිතා කිරීම තමා.
Another Born again supporter this woman
Hamuduruwanta Baninda Epa. Ethuma Karanneth Liya Dunna Eka, Eee Namin Ewana Ekai. Meeka Mee Avrudu Pahe (5 Years) Drame Eke , Thawa Eposide Ekak.
තවත් පිස්සු චීවර ධාරියෙක් !
Koheda Therawadi Dahama Rakina Bhiksun inne? Siuru Horu Upandina Party Gannawa, Whisky Gahala Ganunge Angauda Nagina Pal Horu Ralak Uthum GOUTHAMA BUDUNGE Sasane Vinasakarakara, Loukika Minisunta Bana Kiyanawa.