පුෂ්පිකා ලංකාව උඩටම ගෙනේ.. ලෝකෙන්ම හතරවැනියා වෙයි..

January 16, 2022 at 5:45 pm | lanka C news
පුෂ්පිකා ලංකාව උඩටම ගෙනේ.. ලෝකෙන්ම හතරවැනියා වෙයි..

අමෙරිකාවේදී පැවති ලෝක විවාහක රූ රැජින තරගාවලියෙන් 04 වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා සමත්ව තිබේ.

මෙවර තරගාවලයේ කිරුළ ජයග‍්‍රමණය කලේ අමෙරිකානු විවාහක රූ රැජිනයි.

මෙම තරගාවලියට රටවල් 58කින් තරග කාරියන් එක්වූහ.

තරගාවලියෙන් පසු පුෂ්පිකාද සිල්වා තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

“මම, ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේ පැවැත්වූ ලෝක විවාහක රූ රැජින තරඟාවලියේ දී, ලෝකයේ රටවල් රැසක රූ රැජිනියන් අතරින් අවසන් හයදෙනාගේ වටය තෙක් ඉදිරියට පැමිණ, “හතරවෙනි ස්ථානය” ලබාගන්නට සමත් වුණෙමි. තරගය ජයග්‍රහණය කළ පළමු, දෙවන, සහ තෙවන ස්ථාන ලබාගත් විවාහක රූ රැජිනියන්ට මගේ සුභාශිංසන එක් කරමි. මගේ රට වෙනුවෙන් මේ ස්ථානය ලබාගන්නට හැකිවීම ගැන මම ඉතාමත් සතුටට පත්වන අතර දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා මම එය ඉතාමත්ම සතුටින් භාරගනිමි.”

“එමෙන්ම මම ලෝක විවාහක රූ රැජින තරගාවලියේ සංවිධායක මණ්ඩලයටත්, ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ ඇතුළු මගේ කණ්ඩායමටත්, ලොස් ඇන්ජලීස් සහ ලාස් වේගාස් නගරවල පදිංචි ශ්‍රී ලාංකික ප්‍රජාව ඇතුළුව, මගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කළ, මට ධෛර්යය ශක්තිය ලබාදුන් මගේ ආදරණීය දෙමව්පියන්, මගේ සහෝදර සහෝදරියන් හිතවතුන් ඇතුළු, මගේ රටේ ආදරණීය ජනතාවටත්, මේ අවස්ථාවේදී හදවතින්ම ස්තූතිවන්ත වෙමි.”

52,743 views

16 Comments to “පුෂ්පිකා ලංකාව උඩටම ගෙනේ.. ලෝකෙන්ම හතරවැනියා වෙයි..”

  1. Asela says:

    මෙයා හතරවෙනි තැනට ආපු එක ලොකු දෙයක් නම් තුන්වෙනියට ආපු අනුර කුමාර හොඳයිනේ

  2. LalithM says:

    ලෝකෙත් සලකන්නේ අතින් අතට මාරුවෙන සුන්දරියන්ට. මෙයාට කොහොමද විවාහක කියන්නේ. නියම විවාහක රූ රැජිනක් ලංකාවට නැතිද රෝසි මැඩම් වගේ.

  3. Kalu Albot says:

    Nommara Hathare Loka Gonaaa!! Jayawewaaa!! Agamathithumo, Meyaatath Raajya sammaanayak samaga Idam Kotasak denna !!!

  4. JR says:

    දෙයියංගෙ කැමැත්තටම කරන වහලියක් නොවී තමංට කැමති ඒවත් ටිකක් කරහං ගෑනියෙ..!!! මලාට පස්සෙ දෙයියංගෙ අල්ලෙ නටන්න පලයං… ආ මේන් කියලා..!!!

  5. JR says:

    බැඳපු කෙනා යන්තං කණක් ඇහිලා ඉන්නවා ඇති, දෙයියංගෙ කැමැත්ත නිසා මිනිහා මෙයැයිගෙන් නූලෙන් බේරුනා… 🙏

Main News