පුහුණුවට ආ හමුදා සෙබලෙකු විදුලිසැර වැදි මරණයට…

August 28, 2019 at 2:02 am | lanka C news
පුහුණුවට ආ හමුදා සෙබලෙකු  විදුලිසැර වැදි මරණයට…

දඹුල්ල ඉනාමළුව ප්‍රදේශයේ පිහිටි යුධහමුදා කදවුරකට ‍පුහුණුවක් පිණිස පැමිණි යුධ හමුදා සෙබලෙක් විදුලි සැර වැදිම නිසාවෙන් මිය ගොස් සිට ඇත.

යුධහමුදා කදවුරු භුමියේ පිහිටි විදුලි වයර් ඇදිම සදහා බාවිතා කල කණුවක් ඇල්ලිම නිසා වෙන් විදුලිය වැදිමෙන් අණතුරුව සෙබලා දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රොහලට ඇතුලත්කීරිමට කටයුතු සිදුකර ඇත.

මෙසේ විදුලිය වැදිම නිසා මිය ගොස් ඇත්තේ පස්සර ඌවපරනගම පොලිස් වසමේ මාස්පන්නල කිදිගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන විසිතුන් හැවිරිදි අසංක උදේකුමාර නැමැති හමුදා සෙබලෙකි.

– මහින්ද උදයසිරි දඹුල්ල

1,740 Viewers
Main News