පූක්කුලමේ වන විනශයක් නෑ.. එහි සිටින්නේ පරිසර හිතකාමීන්.. විල්පත්තු විනාශයට මා සම්බන්ධ නෑ..
December 17, 2017 at 3:00 pm | lanka C news
විල්පත්තු රක්ෂතයේ සිදුවන විනාශය සම්බන්ධයෙන් තමනට එල්ල කරන චෝදනා ප්රතික්ෂෙප කරන බව රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
මේ බව සදහන් කරමින් ඇමතිවරයා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.
විල්පත්තු වන විනාශයට සම්බන්ධ බවට මා වෙතද පසුගියදා චෝදනා එල්ල විය. පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් මා වෙන චෝදනා කළේ පූක්කුලම නැමැති ගම්මානයේ පවුල් වෙත නිවාස ඉදිකර දීමටත්, ඔවුන්ට විදුලිය ලබා දීමටත් පියවර ගෙන ඇති බව පවසමිනි. එය සැබෑ කාරණයක් බව මා පිළිගනිමි. පූක්කුලම ගම්මානයේ වෙසෙන පවුල් 132 ක් වෙත නිවාස ඉදිකර දීමටත් ඔවුන්ට විදුලිය, ජලය, ප්‍රවාහන ඇතුළු අනෙකුත් සියළු පහසුකම් ලබා දීමටත් මා පියවර ගනිමින් සිටිමි. මෙතෙක් කිසිවෙකුගේ හෝ අවදානය යොමු නොවූ අති දුෂ්කර ගම්මානයක් වන පූක්කුලම ගම්මානය සංවර්ධනය කිරීම ජනතාවට වග කියන දේශපාලඥයෙකු ලෙස මා වෙත පැවැරී ඇති වගකීමකි.
පූක්කුලම ගම්මානය හා විල්පත්තු වන විනාශය අතර සම්බන්ධය කුමක්දැයි මා නොදන්නා අතර බොහෝ කලක සිට එම ප්‍රදේශය ජනාවාසයක්ව පවතින බවනම් මා දනිමි. එල්ටීටීඊ ත්‍රස්තවාදය පැවැති යුගයේ පවා ප්‍රදේශය අතහැර නොගොස් ත්රස්තවාදයට අභියෝගයක් එල්ල කළ ජන කොට්ඨාශයක් එම ප්‍රදේශයේ පදිංචිව සිටින බවද දනිමි. ඔවුන් වන විනාශයකට සම්බන්ධ නොවන පරිසර හිතකාමී ජනකොට්ඨාශයක් බවද දනිමි.
ග්‍රාමසේවා වසමක් ලෙසද පිළිගන්නා පූක්කුලම ගම්මානය අක්කර 15 න් සමත්විත භූමියකි. එහි පවුල් 132 ක් පදිංචිය. එමෙන්ම ඔවුන් දිවි ගෙවන්නේ වාඩි ලෙසින් හැදින්වෙන පැල්පත් තුළය. එමෙන්ම දෙමළ භාෂාව කතා කරන සිංහල කතොලික ආගමිකයින් පිරිසක් මෙහි වාසය කරති. එම ගම්මානයේ දුක් කන්ද මෙසේ ලිපියකින් පැවැසිය නොහැක. මා උත්සාහ කරමින් සිටින්නේ මිනිස් ජීවිතයකට අත්‍යවශ්‍ය පහසුකම් ලබා දෙමින් පූක්කුලමෙන් ගොඩ නැගෙන අනාගත පරපුර නගා සිටුවීමේ උත්සාහයක් පමණි.
පුත්තලමටත් මන්නාරමටත් මැදිව සිලාවතුරට ආසන්නව පිහිටා ඇති පූක්කුලම ගම්මානය නිර්මාණය වන්නේ ධිවර කර්මාන්තය හරහායි. ධීවර රැකියාවට පැමිණි ජනයා පසුව එහි වාසය කරන්නට පටන් ගැනීමෙන් අනතුරැව එම ජනාවාසය ඇති වූ බව ඉතිහාසයේ දැක්වෙයි.
මේ අතර තවත් කාරණයක් සිහිපත් කළ යුතුව තිබේ. එනම් විල්පත්තු වනාන්තරය විනාශ කරමින් සිදුවන මංකොල්ලයට මාද තදින්ම විරුද්ධ බවයි. එම විනාශයට සම්බන්ධ පුද්ගලයින්ට මා ප්‍රසිද්ධියේ විරෝධය පල කර තිබේ. අදටද විල්පත්තුව රැක ගැනීමේ උත්සාහයක නිරත වෙමින් සිටිමි. විල්පත්තුව හරහා මන්නාරම දක්වා දිවෙන මාර්ගය කාපට් අතුරා සංවර්ධන කිරීමේ යෝජනාවට විරුද්ධ වෙමින් එය ක්‍රියාත්මක නොකර සිටීම දක්වා වූ දැවැන්ත කාර්යයට වනජීවී අමාත්‍යවරයා වෙත ශක්තිය ලබා දුන්නේද මා විසිනි. එම කටයුතු ප්‍රසිද්ධ මාධ්‍යයේ පල නොවූවද මා විල්පත්තුව විනාශ කරන්නන්ට එරෙහිව පෙරට පැමිණි අයෙකු බවද සඳහන් කළ යුතුය.
විල්පත්තුව රැක ගැනීමේ භූමිකාවට පණ දීමට ඕනෑම මොහොකදී පෙරට පැමිණීමට සූදානම් බවද පවසනු කැමැත්තෙමි. එමෙන්ම පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන්ට මා ඉතා ගෞරව කරන අතර උන් වහන්සේ මා වෙත මේ පිළිබඳ චෝදනාවක් එල්ල කිරීම පිළිබඳ කණගාටු වන්නෙමි. විල්පත්තුව රැක ගැනීමේ ඇත්ත වුවමනාවක් ඇත්නම් ඒ වෙනුවෙන් පෙනී සිටින මිනිසුන් කවුරුන්දැයි හරි හැටි අවබෝධ කරගනිමින් කි‍්‍රයා කරන්නේනම් එම උත්සාහය වඩාත් සාර්ථක වන බවද මාගේ විශ්වාසයයි. කරුණු හරිහැටි වටහා නොගෙන සිදු කරන මෙවැනි ප්‍රකාශ මගින් සිදු වන්නේ මෙම විනාශය තව තවත් උඩු දිවීමට රුකුල් සැපයීමක් පමණක් වන අතර මෙවැනි කටයුත්තකදී නිසි අධ්‍යනයකින් යුතුව ප්‍රකාශ සිදු කිරීම ඉතා වැදගත් බවද පැවසිය යුතුය.
පාලිත රංගේ බණ්ඩාර,
වාරිමාර්ග හා ජලසම්පත් කලමනාකරණ රාජ්‍ය අමාත්‍ය.
NEVER LISTEN TO A MINISTER IN SRI LANKA – ALL ARE LIARS
PUTTHLAME ahinsaka SEWAKAINTA muge ammage BHAASAAWEN kathaakarala PAHARADEEPU
ME awalamaa MONAWADA ME DODAWANNE,?,
ARA goma ella, aemathiyaa kiyanawa API seellachaara aanduwak heduwa kiyala,
MENNA BALAAGANNA aseelaachaara gu,n,p, aanduwe aemathiwaru,
?