පූජිත ජයසුන්දර වසර 152ක පොලිස් ඉතිහාසයේ අපකීර්තිමත්ම පොලිස්පතිවරයා වෙයි..

September 5, 2018 at 8:40 am | lanka C news
පූජිත ජයසුන්දර වසර 152ක පොලිස් ඉතිහාසයේ අපකීර්තිමත්ම පොලිස්පතිවරයා වෙයි..

අධික බදු බරට, රාජ්‍ය සම්පත් විකුණා දැමීමට, ආර්ථිකය – සංස්කෘතික උරුමයන් වනසා දැමීමට, නීතියේ ආධිපත්‍යය බිඳ වැට්ටවීමට, මැතිවරණ සිතියම හැකිළීමට එරෙහිව හෙට දිනයේ කොළඹ දී ඉදිවන ඓතිහාසික ජනපවුරට බාධා නොකරන ලෙසත් එය මෙරට අනාගත දරු පරපුර වෙනුවෙන් ගොඩනැගෙන එකක් බවත් ජානිපෙ, හෘද සාක්ෂියක් සහිත පොලිස් ප්‍රධානීන් හා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට සිහිපත්කර සිටියි.

බොරැල්ල එන්. එම් පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක මාධ්‍ය හමුවේ දී ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා මෙසේ සිහිපත්කර සිටියේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

“මේ අහිමි වෙමින් යන්නේ ලාංකීය ජාතියට හිමි ජාතික රාජ්‍යයයි. ‘ජනබලය කොළඹට’ යනුවෙන් හෙට කොළඹ දී පැවැත්වෙන්නේ ඊට එරෙහිව සිදු කෙරෙන ජාතික සටනක්. 1815 දී ඉංග්‍රීසින් අපේ ජාතික රාජ්‍යය පැහැරගත් අවස්ථාවේ දී ඊට එරෙහිව 1818 දී සහ 1848 දී ජාතික නිදහස් අරගල පැන නැඟුණා. ඔබට මතක ඇති. ඒ වගේම 2015 දී විදේශීය බලවේග තම රූකඩ පාලක ජෝඩුවක් දමලා මේ රට අපෙන් උදුරා ගත්තා. ඒ අනුව බැලුවාම 2018 සැප්තැම්බර් 05න් ඇරඹෙන්නේ ඉහත කී ජාතික නිදහස් අරගලයේම දිගුවක්.

‘නීතිය නමන පොලිස්පතිට නිසි දඬුවම් ලැබේවි’

මෑත ඉතිහාසයේ අපේ රණවිරුවන් 27,000ක් දිවි පුදලා තවත් 23,000ක් අතපය අහිමිකර ගනිමින් රැකගත් රට තමයි අපට අද අහිමි වී තිබෙන්නේ. අපේ රට රැකි මුතුන්මිත්තන්ගේ ජානමය උරුමය සහිත සුජාත දූපුතුන් හෙට දිනයේ තම යුතුකම ඉටු කිරීමට සූදානමින් සිටිනවා. දැන් මේ රූකඩ ආණ්ඩුව මේ ‘ජන සන්නිපාතය’ නතරකර ගන්න බැරිව ‘උණ සන්නිපාතය’ හැදිලා දඟලනවා. මේ ජනපවුර ආපසු හැරවීමේ වගකීම දැන් අතට අරන් තියෙන්නේ ‘මෙරට වසර 152ක පොලිස් ඉතිහාසයේ අපකීර්තිමත්ම පොලිස්පතිවරයා’ ලෙස තම නම ලියැවෙන පූජිත ජයසුන්දර. විශ්‍රාම ගිහිල්ලා මැතිසබයට එන්න චිට් එක ගන්න මෙයා දැන් තමන්ගේ හාම්පුතුන් කියන ඕන දෙයක් කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඒ නිසා ඔහු පිළිබඳව, ඔහු කියන කතා පිළිබඳව අපි සැලකිලිමත් විය යුතු නැහැ. ඔහු විසින් සිදු කළ සහ සිදු කිරීමට නියමිත නීති නැමීම්වලට ඉදිරියේ දී ඔහුට හිමි නිසි දඬුවම් ලැබේවි.

නමුත් අපි මේ රටේ හෘදසාක්ෂියක් තිබෙන පොලිස් ප්‍රධානීන්ගෙන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලනවා, ‘කොළඹ දී ඉදිවන මහා මිනිස් පවුරට අඩන්තේට්ටම් කරන්න එපා’ කියලා. මේ මහා ජනපවුර ගොඩනැඟෙන්නේ ඔබේත් අපේත් දුවාදරුවන්ට රටක් ඉතිරිකර දෙන්නයි. ගොඩනැඟෙන්නේ රට සුරැකීමේ ජනපවුරක්. අසීමිත බදු බරට, රාජ්‍ය සම්පත් විකුණා දැමීමට, නීතිය නැමීමට, අපේ සංස්කෘතික උරුමයන් වනසා දැමීමට එරෙහි ජන පවුරක්. මේ රට මේ රූකඩ පාලනයෙන් මුදා ගැනීමට ගොඩනැගෙන මේ මහා ජනපවුරට රටට හිතැති සියලු ජනකොටස් එක්විය යුතුයි. මේ ජනසටන ජයග්‍රහණයෙන් කෙළවර වන එකක් බව ඊට අකුල් හෙළන සියලු පාපතරයන්ට මතක් කර දීමට කැමතියි.

දේශයේ සුජාත දූපුතුනි, දිනය ඔබේ දිනයයි. එන්න, රට රකින ජනපවුරට එක්වන්න.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

166 views

11 Comments to “පූජිත ජයසුන්දර වසර 152ක පොලිස් ඉතිහාසයේ අපකීර්තිමත්ම පොලිස්පතිවරයා වෙයි..”

  1. Puppet says:

    Nila andumin paare, janathaawa idiriye natamin thanathure saha nila andume gawurayata apaahasa wuna paridi saha halluwata lakkaramin hasirima pilibandawa mohuta viruddhawa vinaya kriya maaraga gatha yuthui.

    • නිමේෂා says:

      අපවත්ව් වදාළ දරණාගම කුසලදම්ම හාමුදුරුවෝ වතාවක් රුපවාහිනියේ කිව්වා ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පහත්ම පොලිස්පති වර්තමාන පොලිස්පතිවරයා කියල එසේ කීමට හේතුව වුයේ සම්බෝදී විහාරයට හිටපු ජනපතිතුමා පැමිණීමෙන් පසු එතුවක් කල් එම පන්සලේ ආරක්ෂාවට රඳවා තිබු පොලිස් බටයා ඉවත් කිරීම සහ ඒ ගැන විමසීමේදී මෙම පොලිස්පතියා දුන් ප්‍රතිචාරයි .දැන් බොහොම පැහැදිලියි වර්තමාන පොලිස්පති කියන්නේ කවුද කියන එක .යම් ඉහල නිලයක් දරන්නත් වැදගත් කමක් තිබෙන්න ඕනා .එහෙම නැති පුද්ගලයා එම තනතුරේ නාමයත් වනසලා තමයි යන්නේ .දැන් බලන්න අපේ රටේ ජනාදිපති අගමැති කියන තනතුරු දෙකට වෙලා තිබෙන දේ

  2. point blank says:

    yahapalanaye Poojitha
    aandu peralunoth Kujitha

  3. jayantha mahatha.
    koi kaleth mehema thama. merila ipadune netha. oba pampori gahana kalE keli balu nowati, horakam, agavinisuriwariyata, hamudaapathita, madyawedinta kala de amathakada?Mhanuwarata ariyadu kala mahinda apata nodokin.

    polcipathi KIWWE WERADI WEDA KALOTH WEDA WARADINA BAWAYI …NEETHI WIRODI WEDA KARANNA EPA YANNAI … MODAKAMA PRADRSANAYA KARANNA EPA.
    o.l WATH HARIYATA THIYENAWADA? adukule nisa heenamanayada???
    HODAMA, NIYAMA POLCEPATHI POOJITHAI

    • Open mind says:

      තානාපති ලාවූ බාලසූරිය ලා ඉන්න ම නැති ව නේද ? සතියයි දෙකයි අපට මතක නැ……

    • නිහාල් අයියා says:

      ඉස්සර කාලේ එංගලන්තේ ,ඇමරිකාවේ පාරවල් වල තෙල් බේත් විකුණන එවුන් ,මැජික් කාරයෝ වගේ මිනිස්සුත් ප්‍රොෆෙසර් ,ඩොක්ටර් කියල තමුන්ගේ නම ඉදිරියෙන් දාගත්තා අද කාලෙත් කුණු හිපොප් ,රැප් විලාප නගන කුඩ්ඩොත් තමුන්ගේ නමට ඉදිරියෙන් ඩොක්ටර් කියල දාගෙන ඉන්නවා අන්න එහෙම කෙනෙක් තමයි මේ ප්‍රොෆෙසර් සිරිමෙවන් .සිංහල වචනයක් ලියාගන්න බෑ හැබැයි මිනිහා ප්‍රොෆෙසර් .
      අයි ඔයි ප්රෝෆෙසයෝ තමුසේ හිටියේ මෙතුවක් කල් ලංකාවේ නෙවෙයිද ?අර පුජිතයා කාගේද අඬු කඩන්න ෆෝන් එකෙන් උපදෙස් දෙනකොට ,පොලිස් මුලස්තානේ ලිෆ්ට් ඔපරෙටර්ට කන පැලෙන්න ගහන්න හදනකොට ,කාවද බේරගන්න දෙස්පාකයාට යේස් සර් කියනකොට තමුසේ හිටියේ හොර විශ්වවිද්යාලේකද ?

  4. sandra says:

    Yes, he is a real Kolama, but very much better than MR’s classmate Mahinda Balasooriya .

    • SM says:

      Sandra, Mahinda Balasuriya studied at Ananda College whereas MR didso at Richmond, Thurstan and Nalanda, and Balasuriya is about 8 is younger to MR. So, you must be after some sort of weed to say that they were classmates. Balasuriya wasn’t a good IGP either where Pujitha is the worst ever to sit on that chair, no class whatsoever. Ask any senior Police officer if you have contacts with, retired or in service, they will tell you

  5. Smith says:

    police kolama!

  6. Sam says:

    Ada,dina pawathwana jana balayaye sathya theruma adikeranaya ha neethiya kriyathmaka kerena isthaana biya weddeemai.. harda saakkiyata ekegewa Rata jaatiya wenuwen selasum kerena ekak nowe..