පූජිත-හේමසිරි අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ.. අදම CID කැදවයි.. අත්අඩංගුවට.. හේමසිරි වේලාසනම රෝහල් ගතවේ..

July 2, 2019 at 9:20 am | lanka C news
පූජිත-හේමසිරි අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ.. අදම CID කැදවයි.. අත්අඩංගුවට.. හේමසිරි වේලාසනම රෝහල් ගතවේ..

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට නියෝග කර ඇත.

පසුගිය අප්‍රේල් 23දා පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඔවුන් තිදෙනාට චෝදනා එල්ල වී ඇත.

මෙම නියෝග නිකුත් කර දින පහක් ගෙවී ඇතත් ඒ සම්බන්ධයෙන් කටයුතු නොකිරීම ගැන ලිඛිතව කරුණු දක්වන්නැයිද නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට ද නියෝග කොට තිබේ.

නීතිපතිවරයා විසින් දැනුම්දී ඇත්තේ මෙම දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන සිද්ධියේ සැකකරුවන් වශයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන ලද ජනාධිපති කොමිෂන් සභාව විසින් මෙම දෙදෙනාට එල්ල වී ඇති චෝදනා පදනම්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට නියමිතය.

මේ අතර පූජිත ජයසුන්දර මහතාට සහ හේමසිරි ප්‍රනාන්දු මහතාට අද පෙරවරුවේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

මේ අතර හේමසිරි ප‍්‍රනාන්දු මහතා දැනටමත් දන්වා ඇත්තේ අසනීප තත්වයක් හේතුවෙන් තමන් මේ වන විට රෝහල්ගතව සිටින නිසා ලබන 08 වැනිදා තමන් රහස් පොලීසිය හමුවේ පෙනී සිටින බවයි.

23 views

13 Comments to “පූජිත-හේමසිරි අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ.. අදම CID කැදවයි.. අත්අඩංගුවට.. හේමසිරි වේලාසනම රෝහල් ගතවේ..”

  1. Gayantha says:

    තමන්ගේ වරද නිලධාරීන් පිට පටවා ඇග බේරගන්න හදන බව නම් පේනවා

    • බන්ඩා says:

      පොලිස්පති ට ක්‍රියාත්මක වෙන්න කියල ජනාධිපති අන දෙන්න ඕනැද? පොලිස් කොමිසම ගෙනාවෙ පොලීසිය දේසපාලනයෙන් වෙන් කරන්න නේද? ආරක්ෂක ලේඛම් කියන්නෙ පඹයෙක්ද?

    • බන්ඩා says:

      පොලිස්පති ට ක්‍රියාත්මක වෙන්න කියල ජනාධිපති අන දෙන්න ඕනැද? පොලිස් කොමිසම ගෙනාවෙ පොලීසිය දේසපාලනයෙන් වෙන් කරන්න නේද? ආරක්ෂක ලේඛම් කියන්නෙ පඹයෙක්ද? සිරිසේනට රනිල්ට වැඩ බැරි එක වෙනම දේසපාලනය පිළිඹද කතාවක්. රාජ්‍ය සේවකයා වගකීම බාර ගක යුතුය්.

  2. kamal says:

    පොලිස් පතිවරයා හා ආරක්ෂක ලේකම්ගේ තිබුණ චෙතනාව දන්නවානම් ඒය වැදගත් ආරක්ෂා කරන්න මිස විනාශ කරන්න චෙතනාවක් තිබ්බෙ නැත්තම් ඔහු නිදහස්

  3. ගන්ජ බන්ඩා says:

    කූජිතට රනිල් ලවා නීතිය නවන්න ට්‍රය් කල හැකිය්.

  4. kamal says:

    නොහැකියාව හා අපරාධය සමාජය පලටලාගෙන තියෙනවා. චෙතනාව තියෙන්න ඔනේ අපරාධයකට. නොහැකියාවට දඩුවම අස්කිරිම නැතිනම් හිරේ දැමිම නෙවයි.

    • බන්ඩා says:

      චෝදනාව: Criminal negligence. වැරදිකරැ උනොත් දඬවම හිරේ.

  5. NAK says:

    The set up seems to have been to put Sirisena in the ditch but the plot seems to turned against the plotters. Now the hunters are being hunted.

    • සිරා says:

      හිටපු ආරක්ෂක ලේකම්ලා ද‌ෙන්නම අත්අඩංගුවට පත් ව‌ෙනවා.ද‌ෙන්නම අධිකරනය‌ෙ‌න් බේර‌ෙන්න ICU වලට රිංගගත්තා.
      මේ ද‌ෙන්නම මිනි මැරිමේ චෝදනාවට වැරදි කරැවෝ

      • Janaka says:

        පට්ට පල් බොරු බේගල් ඇදබාන්නෙ නැතුව හිටපිය, පාහරයා!
        අත් අඩංගුවට පත්වෙලා ඉන්නෙත්, ICU unit එකේදි අත් අඩංගුවට පත්වෙලා ඉන්නෙත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විතරයි. ඔහුටත් නොසැලකිල්ල හා රාජකාරිය පැහැර හැරීම මිස මිනීමැරුම් චෝදනා මොකුත් නැහැ!
        තොපිට ලැජ්ජාවක් කියල එකක් නැද්ද බොලවු අර ලැට් කටාවගේ අතේ පත්තුවෙන චේතිය බොරු ගොතන්ඩ?

        • අබරන් සීයා says:

          ඔය ඉස්සර මරුසිරා කියල කොමෙන්ට් දාල දැන් සිරා කියල කොමෙන්ට් දාන සුනඛයා වැඩ කරන්නෙ සිරිකොතේ සිට ක්‍රියාත්මක වන මොන්ගලගේ පච බලකායෙ. උන් තමන්ගෙ ආත්මය පාවාදීල මඩ ගහන්නෙ කීයක් හරි තුට්ටු දෙකක් හොයාගන්ඩ.
          මඩ ගහන එක ඇරෙන්ඩ කුලී රක්ෂාවක්වත් කරන්ඩ උන්ට හැකියාවක් නෑ.

  6. Sirisena Yatawara says:

    I feel both of them are responsible of 21/4 attack as head of enforcement authority of highest position of govt.
    They were accountability part and parcel of an undermined security of Sri Lanka.
    Whole UNP regime under Wickramasinghe of R… are key accountability of 21/4 Islam attack. This is work of USA -CIA joint operation with UNP leadership.

Main News