පූජිත-හේමසිරි නව වැනි දා දක්වා රිමාන්ඩ්…

July 3, 2019 at 4:40 pm | lanka C news
පූජිත-හේමසිරි නව වැනි දා දක්වා රිමාන්ඩ්…

අනිවාර්ය නිවාඩු යවා තිබෙන පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන දෙදෙනාජු මස නවවන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මේ දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

පූජිත ජයසුන්දර මහතා නාරාහේන්පිට පොලිස් රෝහලේ සහ හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ම බන්ධනාගාර නිලධාරීන් යටතට පත් කර ඇත.

පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් මේ දෙදෙනාට චෝදනා එල්ල වී ඇති අතර ඔවුන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් දැනුම් දී තිබිණ.

14,981 Viewers

One Comment to “පූජිත-හේමසිරි නව වැනි දා දක්වා රිමාන්ඩ්…”

  1. namal says:

    මෛත්‍රී ජනාධිපතිටත් මේ ටික අත් වෙයිද?

Main News