පූර්ණ කැබිනට් සංශෝධනයක්.. වැඩ බැරි අය ඉවතට.. තරුණ කැබිනට් මණ්ඩලයක්..

July 9, 2021 at 1:20 pm | lanka C news
පූර්ණ කැබිනට් සංශෝධනයක්.. වැඩ බැරි අය ඉවතට.. තරුණ කැබිනට් මණ්ඩලයක්..

එළැඹෙන සති කිහිපය ඇතුළත පූර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයක් කිරීමට නියමිත බව අනාවරණය වෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ පිළිබඳ දැනටමත් කරුණු සලකා බලමින් සිටින බව විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරයි. කොවිඩ් එන්නත්කරණය ඉදිරි මාස කිහිපය ඇතුළත සපුරාලීමත් සමග රට යථා තත්ත්වයට පත් කරමින් ආර්ථික සහ සංවර්ධන කටයුතු වේගවත් සහ කාර්යක්ෂම කිරීම මෙම කැබිනට් සංශෝධනයේ අරමුණ වේ.

මේ වන විට ජනතාවගේ දැඩි විවේචනයට ලක්ව තිබෙන අමාත්‍යාංශ භාර ඇමැතිවරුන් ඉවත් කිරීමට නියමිතය. මේ කෙටි කාලයේ දක්ෂතා හා ප්‍රගතියක් පෙන්වූ රාජ්‍ය ඇමැති ධුර දරන තරුණ මන්ත්‍රීවරුන්, ඇමැතිවරුන් ලෙස පත් කොට වඩා වැඩි වගකීම් ලබා දීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙන බව ආරංචි මාර්ග පවසයි. ඇතැම් අමාත්‍යාංශවල කාර්යසාධනය යහපත් වුවත් ඒ පිළිබඳව ජනතාව අතර ප්‍රචලිත නොකිරීම ගැන ජනාධිපතිවරයා තුළ පවතින කනස්සල්ල මෙම සංශෝධනයේදී මුදා හැරෙනු ඇතැයි සඳහන් වේ.

රජය වෙන්කරන මුදලින් අමාත්‍යාංශය සාර්ථකත්වයට පත් කළ ද ඒ ගැන ජනතා අවධානය යොමු කර ගැනීමට කටයුතු නොකිරීමද ඇමැති ධුරයේ වගකීම පැහැර හැරීමක් සේ ජනාධිපතිවරයා සලකන බව ආරංචි මාර්ග පවසයි. ඇතැම් විෂයයන් සඳහා විශාල වශයෙන් මුදල් වෙන් කර ඒවායේ වැඩකටයුතු සාර්ථකව ඉදිරියට ගියත් අදාළ ඇමැතිවරු ඒ ගැන කතා නොකිරීම රජයට දැඩි අවාසියක් ගෙන දෙන කාරණයක් වී තිබෙන බව රජයේ අවධානයට යොමුව තිබේ. තම මෙහෙවර ගැන ජනතාව දැනුවත් කරමින් රජයේ කටයුතු වෙනුවෙන් පෙනී සිටින ඇමැතිවරුන්ට වැඩි වගකීම් ලබා දීමට නියමිතය.

ඇමැති මණ්ඩලය පත් කිරීමට පෙර විෂයයන් ගැසට් කර ඔවුන්ගේ කාර්යාල පවා වෙන්කර ඉතාම විද්‍යාත්මක පදනමක සිට අමාත්‍යාංශවල විෂයයන් වෙන් කර දුන්නත් ඒ පිළිබඳ තැකීමක් ඇතැම් ඇමැතිවරුන්ට නොතිබුණ බව ජනාධිපතිවරයාගේ අදහසය. තල්, කිතුල්, උක්, මැටි, බතික් ආදී වශයෙන් විෂය ඉතා පැහැදිලිව සඳහන් කර දී තිබුණත් ඇතැමුන් විරුද්ධවාදීන් ගෙනෙන අවඥාවන් හමුවේ දුර්මුඛ වී එම දේශීය කර්මාන්ත හා ඒවායේ යෙදෙන ජනතාවට සේවය නොකිරීමද ජනාධිපතිවරයාගේ කනස්සල්ලට හේතුවී තිබේ.

එහෙත් ඇමැතිවරු රටට ගැළපෙන සේ කටයුතු කරනු විනා ඇමැතිවරුන්ට ගැළපෙන සේ රටේ අමාත්‍යාංශ බෙදීමට තමන් කිසිසේත් සූදානම් නැති බව ජනාධිපතිවරයා එම විවේචන එල්ල කළ අයට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර ඇත.

පක්ෂයේ ප්‍රවීණත්වය, පක්ෂයට කළ මෙහෙවර, විපක්ෂයේ සිටියදී අතනොහැර සිටීම, හොඳට මැතිවරණ කටයුතුවල යෙදීම නායකත්වයට ඇති සබඳතාව ආදිය මෙවර කැබිනට් සංශෝධනයේදී සලකා නොබැලේ. එසේම ප්‍රාදේශීය වශයෙන් දූෂිත ක්‍රියාවල යෙදෙන තම ආධාරකරුවන් ආරක්ෂා කරන, ආයතන හා ව්‍යාපාරවලට බලපෑම් කරන අය ඇමැති තනතුරුවලින් නෙරපා හැරෙනු ඇත.

කාර්යක්ෂමතාව පෙන්වන තරුණ ඇමැති මණ්ඩලයක් කෙරෙහි අවධානය යොමු කෙරෙන මෙම සංශෝධනයේදී සෞඛ්‍යය, පොලිසිය, කම්කරු, අධ්‍යාපන ආදී විෂයයන් වෙනසක් වීමට නියමිත බව වැඩිදුරටත් දැන ගැනීමට ඇත.

– aruna

85,620 views

24 Comments to “පූර්ණ කැබිනට් සංශෝධනයක්.. වැඩ බැරි අය ඉවතට.. තරුණ කැබිනට් මණ්ඩලයක්..”

  1. මෝ says:

    දැන් තමයිලු නියම වැඩකාරය ආවෙ.ආන්ඩුවෙ එඋන්මයි කියන්නෙ.ඒ කියන්නෙ නන්දසේනය ෆේල්.මරානං ඉතිං වලපයයි ගොඩ පයයි ඉන්නෙ.චමල්,ලොකුගේ,වාසු,දිනේශ් වගේ මැන්ටල් ටික ඉස්සෙල්ලම අයිං කරන්න.

  2. වරද වහන අලුත් දිවුරුම says:

    19 වන සංශෝධනය යටතේ පත් වූ ඇමතිලා 20 යටතේ පත් වෙලා නෑ. දැන් ඉන්නේ හොර ඇමතිලා. ආයෙත් දිවුරුම් දෙන්නෙ මේ හොරේ වහන්නද?

  3. Ravi says:

    So that means Gotabaya is out

Main News