පූර්ණ ලොක්ඩවුන් කිරීමකට සාකච්චා.. නව ප‍්‍රභේද හමුවීම හා රෝගීන් ඉහල යාම බරපතලයි..

February 14, 2021 at 10:40 am | lanka C news
පූර්ණ ලොක්ඩවුන් කිරීමකට සාකච්චා.. නව ප‍්‍රභේද හමුවීම හා රෝගීන් ඉහල යාම බරපතලයි..

නව කොරෝනා ප්‍රභේද හඳුනා ගැනීම සහ ආසාදිතයන් දිනෙන් දින ඉහළ යාම හේතුවෙන රට පූර්ණ වශයෙන් අගුළු දැමීමක් සිදු කරන්නේද යන්න හෙට දිනයේ සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරයි.

නමුත් මෙතෙක් ඒ පිළිබඳව තීරණය කර නොමැති බවත් හෙට දිනයේ රැස්වන කොරෝනා මර්ධන ජාතික කාර්ය සාධක බලකාය ඒ ගැන තීන්දු කරනු ඇති බවත් එහි සඳහන්ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද සඳහන් කර ඇත්තේ මෙම තීරණය මෙතෙක් ගෙන නැති බවයි. හෙට දිනයේ පැවැත්වෙන රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද ඔහු සඳහන් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සඳහන් කර ඇත්තේ පවතින තත්ත්වය පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශය විසින් අධ්‍යනය කරමින් සිටින බවයි.

ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් නිර්දේශ කරනු ඇති බවද ඔහු සඳහන් කර ඇත.

96,570 views

13 Comments to “පූර්ණ ලොක්ඩවුන් කිරීමකට සාකච්චා.. නව ප‍්‍රභේද හමුවීම හා රෝගීන් ඉහල යාම බරපතලයි..”

  1. කුඹුක්කණ් says:

    දැන් ඉතිං ඇට්ටොසෙනිකා එන්නත ගහගනිල්ලා පුපේ…
    මීහරක්ට කට කැඩෙන කං කිව්වා, දොස්තරලා හුරේ දැම්ම පලියට ඔය මගුල් වලට වියදං කරන්න එපා කියලා.
    පොල් බූරු හරක්.
    දැන් ඕකටත් වැක්සීන් ගේනකං, අර පැණියෙ සායනික පරීක්ෂණය ඇද ඇද හිටු

Main News