පූර්ණ සූර්යබලයෙන් ධාවයන වන ත‍්‍රිවීලයක් අද සිට ලංකාවේ..

December 13, 2019 at 8:02 am | lanka C news
පූර්ණ සූර්යබලයෙන් ධාවයන වන ත‍්‍රිවීලයක් අද සිට ලංකාවේ..

ශ්‍රී ලංකාවේ වෙළඳපලට සූර්ය බලයෙන් ධාවනය වන ත්‍රීරෝද රථයක් හඳුන්වා දීම අද සිදු කෙරේ.

ප‍්‍රවාහන ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී මෙම උත්සව පැවැත්වෙයි.

ත්‍රීරෝද රථය හඳුන්වා දෙනු ලබන්නේ කොරියානු රජයේ අනුග්‍රහය යටතේය.

මෙම නව රථය 100%ක් ම පරිසර හිතකාමී වන අතර පොසිල ඉන්ධන කිසිසේත්ම භාවිත නොකෙරේ.

සූර්ය බලයෙන් ත‍්‍රිරෝද රථයේ බැටරිය ආරෝපණය වන අතර මෙමගින් නිපදවන විද්‍යුතය මගින් මෝටරය ක්‍රියාත්මක වී රථය ධාවනය කෙරේ.

මුල් වටයේදී තීරෝද රථ පහක් පමණක් මෙරට ධාවනය යොදවන අතර එහි ප්‍රගතිය පරික්ෂා කිරීමට නියමිතය.

165 views

9 Comments to “පූර්ණ සූර්යබලයෙන් ධාවයන වන ත‍්‍රිවීලයක් අද සිට ලංකාවේ..”

  1. kamal says:

    බුදු රජාණන් වහන්සේට නමස්කාරය වේවා
    ධර්මරත්නයට නමස්කාර වේවා
    සංඝ රත්නයට නමස්කාර වේවා
    ලෝක ගුරු කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහතන් වහන්සේට නමස්කාර වේවා
    අභිධර්ම පිටකයේ වැරදි හයක් හෝ ප්‍රමාණවත් නොවන දේවල් හයක් තියෙනවා
    1 සර්ව චිත්ත සාරධාරණ චෛතිසික හයක් නොවේ 26ක් තියෙනවා. හැබයි රහත් වුනාට පස්සෙ තියෙන්නෙ හයයි
    2නිරෝධ සමාප්පතියේදි භාවාංගයට යන්නෙ නමුත් අනාගාමි ශ්‍රාවකයාගේ නිරෝධ සමාප්තියයි රහතන් වහන්සේගේ නිරෝධ සමාප්තියේ භාවංග වෙනස තියෙනවා
    මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි

    • lakshitha says:

      මේ පිස්සාගේ කොමෙන්ට් කියවා කලබල වෙන්න එපා. ධර්මය විකෘති කරන්න උත්සාහ කරන දෙකයි පනහේ සෙවලයෙක්.

    • ගමේ එකා says:

      කමල්, මේ සයිට් එක බන ලියන්ට අවශ්‍ය තැනක් නෙවෙයි. අනික කිරිබත්ගොඩ හාමුදුරුවො රහත් කෙනෙක්ද නැද්ද කියල තේරුම් ගන්ට කවුරුවත් කාටවත් කියන්ට අවශ්‍ය නෑ. නුවන ඇති අය ඒක තෙරුම් ගනී. තවත් අය මීපලවලානෙ හාමුදුරුවොද කවුද කියල හාමුදුරු කෙනෙකුත් රහත් වෙලා ත්‍රිපිටකය වැරදියි කියනව. අපිට පිස්සුද උන්ට පිස්සුද කියලත් හිතෙනවා. හාමුදුරුවන්ට ඇති ගෞරවය නැති කරවන්ට හදන තවත් එකෙක් කමලි කියන එකා කියල නම් අනිවා.

  2. ajith says:

    පලවෙනි කිලෝමීටර් එකට රුපියල් දෙකයි
    ඊට පස්සේ වැඩි වන කිලෝමීටර් එකට ශත දහයයි.

    • මරු කැඳවන "ටුක්-ටුක්" says:

      පසුගිය අවුරුදු පහ… පූර්ණ “ගංජා හා මත්කුඩුවලින්” ධාවයන වන ත‍්‍රිවීලයක්…
      අද සිට ලංකාවේ.. තාරුන්‍ය කම්මැලි කරවන “ටුක්-ටුක්” ත‍්‍රිවීලයක්..

  3. gamed77 says:

    ඉලෙක්ට්‍රික් , පෙට්‍රල් , අපොයි මේ රටට නම් තව ත්‍රිවිල් එපා එපාමයි !!!

  4. Manel says:

    What Mahinda Amarweera got to do with these 3wheelers? Why can’t he stop doing silly things like this? Why do we need a minister to introduce these 3wheelers? Just all the politicians must put a stop to this kind of things. I am sure GR will not approve these silly jokes.

  5. NAK says:

    Convert all the other three wheelers to electric and bring down the fares accordingly.
    All the three wheelers must be made to charge only according to the meter and the rates charged must be in accordance to the cost and be announced in advance.