පෘථිවියේ සෞඛ්‍යය රැකගන්න කල යුතු දේ ජනපති UN නායකයන්ට කියයි…

September 25, 2021 at 4:40 pm | lanka C news
පෘථිවියේ සෞඛ්‍යය රැකගන්න කල යුතු දේ ජනපති UN නායකයන්ට කියයි…

පෘථිවියේ සෞඛ්‍යය සහතික කිරීම සඳහා හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ තිරසර බලශක්ති විසඳුම් ප්‍රවර්ධනය කිරීම අත්‍යාවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ රාජ්‍ය නායක සංවාදයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයට සමගාමීව ඊයේ (24) නිව්යෝර්ක් නුවරදී එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ රාජ්‍ය නායක සංවාදය ආරම්භ කෙරුණු අතර “සෑම කෙනෙකුටම දැරිය හැකි, විශ්වාසදායක සහ තිරසර බලශක්තීන් ලබා ගැනීමට ඇති හැකියාව සහතික කිරීම” එහි තේමාව විය.

මානව අවශ්‍යතා සපුරාලන අතරම පෘථිවියේ සෞඛ්‍ය පවත්වා ගැනීම සඳහා ගෝලීය ප්‍රජාවගේ ඉහළම ප්‍රමුඛතාවක් හිමිවිය යුතු බව සංවාදය ඇමතූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.

මිනිසා විසින් ඇති කරන පරිසර විනාශය නිසා සිදුවන දේශගුණික විපර්යාස හේතුවෙන් පෘථිවියට ඇති වන තර්ජන තවදුරටත් නොසලකා හැරිය නොහැකිය. ඉදිරි දශක කිහිපය තුළදී මෙම තර්ජනය අවම කර ගැනීමට නම් ගෝලීය වශයෙන් පිරිසිදු බලශක්තිය වෙත යොමුවීම අත්‍යාවශ්‍ය බව පැවසූ ජනාධිපතිතුමා වඩාත් තිරසර බලශක්ති උත්පාදනයට හා පරිහරණයට ප්‍රවේශවීමට උත්සාහ දරමින් සිටින දියුණු වෙමින් පවතින ජාතීන්ට සහයවන ලෙස ද හැකියාව ඇති සියලු රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේය.

තිරසර බලශක්ති සංවර්ධනයට ශ්‍රී ලංකාව අඛණ්ඩවම කැපවී සිටී. වසර 2030 වන විට රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම අරමුණ බවත්, පොසිල ඉන්ධනවලින් ක්‍රමානුකූලව ඉවත් වී, කාබනීහරණය ප්‍රවර්ධනය කිරීම සහ වසර 2050 වන විට ශ්‍රී ලංකාව කාබන්වලින් නිදහස් රටක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා රජය සැලසුම් සහගතව කටයුතු කරන බවත් ජනාධිපතිතුමා පැවසීය.

නව ගල් අඟුරු බලාගාර ඉදි නොකිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම, දේශගුණික විපර්යාසයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය සඳහා ලබාදෙන දායකත්වය පිළිබිඹු කරන්නක් බව පැවසූ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව, නව ගල් අඟුරු බලයක් නොමැති බලශක්ති සම්මුතියේ සම – නායකයෙකු වීම ගැන ද සතුට පළ කළේය.

රටපුරා කුඩා ප්‍රමාණයේ සූර්ය බලශක්ති ව්‍යාපෘති 7,000ක ආයෝජනය කිරීමට එක්වන ලෙස ශ්‍රී ලංකාව ව්‍යවසායකයින්, කුඩා ව්‍යාපාර සහ ප්‍රජා සංවිධාන දිරිමත් කරමින් සිටින අතර රටේ විශාලතම සුළං විදුලි බලාගාරය ද මෑතකදී විවෘත කළ බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ඉදිරි දශක කිහිපය තුළදී පුනර්ජනනීය බලශක්තීන්, විශේෂයෙන් සූර්ය, සුළං සහ ජෛව ස්කන්ධ සදහා වන මහා පරිමාණ ආයෝජන තවදුරටත් ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

12,354 views

17 Comments to “පෘථිවියේ සෞඛ්‍යය රැකගන්න කල යුතු දේ ජනපති UN නායකයන්ට කියයි…”

  1. Shm says:

    Sometimes a scientist …

  2. Dengu Nona says:

    Kala yuthu ekama de Hora Thakkadi Deshapaaluwan athugaa dameemayi!

  3. Gijida says:

    Your advise may include cut trees and sand mining etc.

  4. ගෞම් ඊයාරාජ් says:

    රටේ උන් ඇන්දුනාට ඔය පම්පොරී කතාවලට රටේ එවුන් අන්දන්න බෑ සර් . ටුවර් එක ඉවර කරලා ඉක්මනට එන්න මෙහේ කොවිඩ් ලෙඩ්ඩු ඉන්නේ ඇදං යට.

  5. Jagath says:

    අතීසාරෙට අමුඩ ගහන්න තමයි සර් දන්නේ. මෙහෙ සිමෙන්ති, ගෑස්, කිරිපිටි නැතුව සෞභාග්‍යය දොරේ ගලනවා.

    • ගෞම් ඊයාරාජ් says:

      ඔකට තමයි බන් ලෝකට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නේ , හැබැයි UN එකේ අර චීන ඩෑල් එක ස”ර් ගේ නම ප්‍රනවුන්ස් කරපු විදියනං හරිම ලයාන්විතයි. හෙන වෛරල් ඒ ක්ලිප් එක.

  6. Sena says:

    අනේ පුලුවන්නම් ගමේම නවතියන්කෝ

  7. Prof sirisena says:

    Ugathek u Liya dena de thatamamin kiyawanawa S.s.c yantam loketa bana.

  8. harsha says:

    අපේ රටේ ප්‍රශ්න විසඳලා පිටරටවල ප්‍රශ්නත් විසඳන්න යනවා. බොහොම හොඳයි.

  9. තුන් හෙලේ සිංහ පැටියා says:

    අපේ ස අපිට කාර් ගනන් බෙරිවෙන්නම තහනම කරේ ඒකයි. එතකොට ලහි ලහි යේ අර බලාගරේ ඇමරිකාවට දුන්නේ එකයි. තාමත් ඇඳිරිණිති දාල බස් කාර් දුවන එක සීමා කරලා තියෙන්න ත් එකයි. කොටින්ම අපි දැන් පඩයක් ඇරියත් ස කියපු කතාව මතක් කරලා දෙපාරක් හිතනවා. ඒ තරම් පින් බිමක අපි මේ ඉන්නේ.

  10. Chandra says:

    කැලෑ කපලා, වැව් හාරලා, ගංගාවල ඉවුරු කපලා වැලි විකුනලා, රටේ තියෙන සම්පත් ඔක්කොම චීනෙට දීලා පරිසරය රැකගන්න හැටි කියාදෙන්න ඇති .

    • Alapaluwa says:

      අනේ මෝඩ නන්දසේනයෝ තමන් පෘතුවියේ සවුක්‍ය රැකගන්න UN එකට උපදෙස් දෙන්න ප්‍රථම අපේ මාතෘභුමියේ මහා පරිමාණයෙන් වෙන කෑලාවල් වෘක්ෂ,ගංගා,දියහැලි වැවුඉවුරු,ගොඩ,මඩ තෙත්කාලාපය,මෙන්න මේවා තම වටේ සිටින චක්ගොලයින්ගෙන් පරිස්සම් කරදෙන්න රටේ ජනතාවගැන සිතා. ලෝකයේ පෘතුවියේ විකාර කථාවල් නොකියා,අපිත් කෑවා තමයි නියම පරිප්පුවක් කට්ටියම අතේ මුදල් වියදම්කර ඇවිත් මහා ඝන්දාර ප්‍රතාපවත් දියසේන කුමාරයෙක්ව බිහිකරන්න පස්සේනේ දන්නේ සිංහ හමක් පොරවගත්තු මහා වල් හිවලෙක්. කියා අර නරියට වුදේය තමයි කවාදාහරි ඉතා නුදුරේම ඔබටත් වන්නේ. මතකනේ කථාව සිංහ හමක් පොරවාගෙන සිංහයෝ වෙසෙන තැනකට ගිහින් එවුන්ගෙන් ඇප,උපස්ථාන අරගෙන අන්තිමට කෑගසන්න ගියාම ගොරවනවා වෙනුවට හු කියාපු ගමන් නරියා කපෝතියි.ඒ වගේමයි ඔබත් දැන් කෑගසා පෙන්නා ඉවරයි අපිට ඔබ දියසේනද,නැතිනම් නගුට පස්ස පැත්තේ ගසාගත්තු මෝකුත්ම මෝකුත් නොදන්නා හිවලෙක් බව.කණගාටුයි මෙසේ ලියන්න වීම ගැන නමුත් සිතේ දුකටයි ලියන්නේ අපරාදේ අපේ මුදල් මුන් වෙනුවෙන් වියදම්වූ.Alapaluwa fro SA

Main News