පෙටල් ලීටරයකට රුපියල් 112ක්, ඩීසල් ලීටරයකට රුපියල් 70ක් රාජපක්ෂ සහගහන බදු ගහලා..
June 15, 2020 at 10:40 am | lanka C news
අද ජනතාව විශාල වශයෙන් ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා සඳහන් කරයි.
අද වන විට ජනතාව විශාල වශයෙන් උකස්බඩු පෝලිම් වල සිටින බව ද ඔහු සදහන් කරයි.
එසේ අන්ත අසරණ වී සිටින ජනතාවට ගෝඨාභය රාජපක්ෂගේ සහගහන බදු පටවා ඇතැයිද ඔහු කියා සිටියේය.
අද සෑම පෙට්ට්‍රල් ලීටරයකටම රුපියල් 112ක් ඩීසල් ලීටරයකට රුපියල් 70ක් රාජපක්ෂ සහගහන බදු ගසා ඇති බවත් ඔහු කියා සිටී.
අද ගල් අඟුරු ශ්‍රී තුට්ටු දෙකට විටී තිබුණත් විදුලි බිල සිව් ගුණයකින් ඉහළ නංවා ඇතැයි ද ඔහු චෝදනා කරයි. ජල බිල ද තුන් ගුණයකින් ඉහළ නංවා ඇතැයි ගෑස් මිලද අඩු කර නැතැයිද ඔහු සඳහන් කරයි.
මහ මැතිවරණය සදහා වූ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කලේය.