පෙට‍්‍රල් අත්‍යවශ්‍ය අය පමණක් පෝලිමේ ඉන්න.. අනෙක් අය ගෙදර යන්න..- සිපෙට්කෝ නිවේදනයක්..

May 17, 2022 at 10:22 pm | lanka C news
පෙට‍්‍රල් අත්‍යවශ්‍ය අය පමණක් පෝලිමේ ඉන්න.. අනෙක් අය ගෙදර යන්න..- සිපෙට්කෝ නිවේදනයක්..

පෙට‍්‍රල් සැපයීම හෙට දිනයේ දී සීමා කරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

සංස්ථාව සතු පෙට‍්‍රල් තොග සීමිත බැවින් මෙම තීරණය ගෙන තිබේ.

එනිසා අත්‍යවශ්‍ය කාරණාවක් හැරුණුකොට පෙට්රල් ලබාගැනීමට හෙට දිනයේ ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් ගැසී නොසිටින්නැයිද සංස්ථාව ජනතාවට දැනුම් දෙයි.

කෙසේ වෙතත් 19 වන බ්‍රහස්පතින්දා සිට පෙට‍්‍රල් බෙදාහැරීම සාමාන්‍ය ලෙස සිදුකරන බවට තෙල් සංස්ථාව තව දුරටත් කියා සිටී.

61,710 views

12 Comments to “පෙට‍්‍රල් අත්‍යවශ්‍ය අය පමණක් පෝලිමේ ඉන්න.. අනෙක් අය ගෙදර යන්න..- සිපෙට්කෝ නිවේදනයක්..”

  1. Kapila says:

    අත්‍යාවශ්‍ය නැති කෙනෙක් පෙට්‍රල් ගන්න එනවද?. අමු කැවිලද මන්ද?

  2. ප්‍රනීත් says:

    අපි ජොලියට පෝලිමේ ඉන්නවා කියලද හිතන් ඉන්නේ.

  3. Cnm says:

    කරුණාකරලා කියන්න ඔය සිපෙට්කෝ එකේ මහලොකු බක පණ්ඩිතයා අත්‍යාවශ්‍ය අය කවුද කියලා.

  4. අවධාරණය කරන්නෙමු,.! says:

    බටහිර වහල්භාවයෙන් මිදී රැසියානු රඡය විසින් සහනදායි ක්‍රමයට ලබාදෙන තෙල් ගෑස් ලබාගෙන සමස්ථ ඡනඡීවිත යථාතතවයට පත්කිරීමට කටයුතු කරනාලෙස රනිල් වික්‍රමසිංට, නන්දසේන රාඡපකෂට යලියලිත් අවධාරණය කර සිටින්න අතර,.!

    තවදුරටත් රඡපකසස රනිල් රඡය බටහිරගැතිව ආර්ථිකය විණාශකරදමා,. ඡාතිකසම්පත්,මරමස්ථාන භුමිය බටහිරයන්ට,ඉන්දියානුවන්ට පවාදෙන්නේනම්, සමස්ථය 225+ සමස්ථ දූශිත නිළධාරීන් වහාම ධුරාවළියතුළින් පළවා හැරීමට සියළු කටයුතු සූදානම් බව අවධාරණය කරන්නෙමු,.!

  5. පැට්‍රෝල් පිස්සා says:

    මට නං පැට්ටරෝල් ඕනෙ නෑ ඒත් මං පෝලිමේ හිටියා. අනික් උං ඉන්නකොට හරි නෑනෙ,

    ඔය කියන හින්දා ගෙදර යන්නං, යකෝ ගෙදර යන්ඩ පැට්ටෝල් කාලක් දියංකො

  6. Ruwan Buddhika says:

    හා බන් අපි ආයෙ පෝලිමේ ඉන්නෙ නෑ.. 🙈😂

  7. ඇට්ටෙන්ඩන් මෑණියෝ says:

    හොඳ වෙලාවට කිව්වේ. හෙට උදේම මම බක්කි කරත්තෙ අරන් පෙට්රල් පෝලිම ට යන්න හැදුවේ. මේ දවස් වල ගෙට රිංගා ගෙන ඉඳලා ම එපා වෙලා.

  8. ඩැයිවර් මාමා says:

    අත්‍යාවශ්‍ය නැතුව විහිළුවට ද පැට්‍රොල් ගහන්නෙ . මුංට මඤ්ඤං නේ .

  9. ගොං කරත්ත ඩැයිවර් says:

    ඒකනේ අපි වගේ ඇංජිමට වතුර නොදා , අහවල් එහෙකට ඔය පැට්ටෝල් සැඩ් වල පෝල්මේ ඉන්නවැයි . ඔව්වටත් වතුර දාල බලවල කො , ඔයි මහත්තුරු කියන්නෙ අත්තියාවස්ය නැතෙයි කියල .

  10. නිමල් says:

    මිනිස්සු පෙට්‍රල් අරන් යන්නේ නාන්න නෙවේ. පෝලිම් වල ඉන්නේ ආසාවටත් නෙවේ. උන්ට පිස්සු

Main News