පෙට‍්‍රල් නැතිව පෝලිම් ගිණියම්.. පාරේ යන තෙල් බවුසර නවත්වා ගනිති…

June 23, 2022 at 12:02 am | lanka C news
පෙට‍්‍රල් නැතිව පෝලිම් ගිණියම්.. පාරේ යන තෙල් බවුසර නවත්වා ගනිති…

පෙට‍්‍රල් හිගය තවමත් රට පුරා උග‍්‍ර ලෙස පවතින අතර කිලෝ මීටර ගණන් දීර්ඝ පෝලිම් රට පුරා නිර්මානය වී ඇත.

ඇතැම් ඉන්ධන හල්වලට සතියකට ආසන්න කාලයක් තිස්සේ පෙට‍්‍රල් ලැබී නැතැයි පෝලිමේ සිටින ජනතාව කියති.

හොරණ කුළුපන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකට සතියක් තිස්සේ පෙට‍්‍රල් ලැබී නැතැයි පෝලිමේ සිටි ජනතාව මාර්ගයේ ගමන් කරන බවුසරයක් නවත්වාගෙන විරෝධතා පැවැත්වූහ.

පසුව පොලිසිය මැදිහත් වී තත්වය පාලනය කර බවුසරවලට ගමන් කිරීමට අවස්ථාව සලසා දී ඇත.

27,225 views

One Comment to “පෙට‍්‍රල් නැතිව පෝලිම් ගිණියම්.. පාරේ යන තෙල් බවුසර නවත්වා ගනිති…”

  1. නයනක්‍ර says:

    ඉන්දියන් තෙල් ඔක්කොම පුච්චලා දානකම් මේ වැඩබැරි එවුන් ක්‍රමවේදයක් හදගෙන නැහැනේ තෙල් බෙදන්න. අල කරන්න අංක තහඩු සෙල්ලම හොයාගත්ත එකා කොහේද ඉන්නේ

Main News