පෙට්‍රල් අද සිට මෙට්‍රික් ටොන් 600යි.. දිනයක අවශ්‍යතාවය ටොන් 3000යි.. සංචිතය ටොන් 2000 ට බහී..

November 7, 2017 at 4:40 pm | lanka C news
පෙට්‍රල් අද සිට මෙට්‍රික් ටොන් 600යි.. දිනයක අවශ්‍යතාවය ටොන් 3000යි.. සංචිතය ටොන් 2000 ට බහී..

අද වනවිට මෙරටේ දිනකට පෙට්‍රල් ඉල්ලුම වන ටොන් 3000 න් 15% පමණ දක්වා අඩුකොට බෙදාහැරීමට සිදු වන බැව් ඛනිජ තෙල් සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මිට ප්‍රධාන හේතුව සංස්ථාව සතු සංචිතය දින භාගයකටත් වඩා අඩු මට්ටමේ පැවතීමයි.

සමාන්‍ය දිනකට රටේ පෙට්‍රල් අවශ්‍යතාවය මෙට්‍රරික් ටොන් 3600 ක් පමණ වේ. එහෙත් පසුගිය දිනවල සංස්ථාව තුල ඇති වූ අර්බුදය නිසා එම බෙදාහැරීම 50% දක්වා අඩු කලේ ය.

එහෙත් ලැබෙන ආරංචි මාර්ග අනුව 11 වෙනිදා තෙක් නව තොග බෙදාහරින්නන් සඳහා පෙට්‍රල් තොග ලබාදීමට පමාවන බැවින් අද සිට දිනකට ටොන් 600 දක්වා බෙදාහැරීම සිමා කිරිමට සිදුව ඇත.

100 views

2 Comments to “පෙට්‍රල් අද සිට මෙට්‍රික් ටොන් 600යි.. දිනයක අවශ්‍යතාවය ටොන් 3000යි.. සංචිතය ටොන් 2000 ට බහී..”

  1. Kasun says:

    wenasa sepada???????????/

  2. M.NIYAS says:

    Mama Mthurajwela Paryantha kalamanaakaara: Ada Muthurajawelinpamanak metric ton1200k bedaahariyaa. kolonnawen 1600k beduwa.Dawasaka illuma 2500 yai. 9 wenidaa hawas wenawita me arbudaya iwarai.

Main News