පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්… යතුරුපැදියක් ගිනිගෙන විනාශයි…

August 16, 2021 at 2:08 am | lanka C news

යාපනය කෝපායි පොලිස් වසමේ උරුම්පිරායි ප්‍රදේශයේ පිහිටි නිවසකට කිසයම් පරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකොට පලා ගොස් ඇතැයි පොලීසිය පවසයි.

අදාල ප්‍රහාරයෙන් නිවස ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියක් සම්පූරණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයිද නිවැසියන් පොලීසියට පැමිණිළි කොට ඇත.

14 රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි පිරිසක් විසින් මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කොට පලා ගොස් ඇති අතර ප්‍රහාරයෙන් නිවසේ සිටි පිරිස් කිසිවෙකුටත් හානියක් සිදු නොවී ඇති අතරම ප්‍රහාරය එල්ල කල පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැත.

ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතරම පෞද්ගලික හේතුවක් නිසාවෙන් මෙලෙස පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කොට ඇති බවට සැක පලකරන්නේ යැයි පරික්ෂණ සිදුකරන කෝපායි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

14,790 views
Main News