පෙට‍්‍රල්-ඩීසල් රුපියල් 26ක අධිභාරය ඉවතට.. පෙට‍්‍රල් ලීටරයකින් 35ක්, ඩීසල් ලීටරයකින් 25ක් පාඩුයි..- ඇමති

June 25, 2020 at 12:00 pm | lanka C news
පෙට‍්‍රල්-ඩීසල් රුපියල් 26ක අධිභාරය ඉවතට.. පෙට‍්‍රල් ලීටරයකින් 35ක්, ඩීසල් ලීටරයකින් 25ක් පාඩුයි..- ඇමති

පෙට්‍රල් හා ඩීසල් මත රජය විසින් පනවන ලද රුපියල් 26ක අධිභාරය ඉවත් කර තිබේ.

විදුලිබල හා බලශක්ති ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ බොරතෙල් මිල ඉහළ යමින් පැවතීම නිසා මෙම තීරණය ගත් බවයි.

කෙසේ නමුත් බොරතෙල් මිල ඉහළ ගිය ද මෙරට ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා කිසිදු අදහසක් නැති බව ද ඔහු සඳහන් කළේය.

ඉන්ධන අධිභාරය ඉවත් කිරීමත් සමග තෙල් සංස්ථාවට පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් 35ක්, ඩීසල් ලීටරයකින් රුපියල් 25 ක් ඉක්මවූ අලාභයක් සිදු වන බවද ඔහු පැවසීය.

70,575 views
Main News