පෙට‍්‍රල් නෑ.. මහින්ද රාජපක්‍ෂ පාපැදියෙන් පාර්ලිමේන්තුවට..[Video/Photo]

November 9, 2017 at 4:40 pm | lanka C news
පෙට‍්‍රල් නෑ.. මහින්ද රාජපක්‍ෂ පාපැදියෙන් පාර්ලිමේන්තුවට..[Video/Photo]

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් පිරිසක් පාපැදිවලින් අද පාර්ලිමේන්තුවට පැමිණියේය.

ඇතිව තිබෙන පෙට‍්‍රල් අර්බුදයට විරෝධය පෑමක් ලෙස මෙම පියවර ඔවුන් විසින් ගෙන තිබේ.

නාමල් රාජපක්‍ෂ ඇතුළු ඒකාබද්ද විපක්‍ෂයේ තවත් මන්ත‍්‍රීවරුන් විස්සක පමණ පිරිසක් පාපැදිලින් මෙසේ පාර්ලිමේන්තුවට පැමිණ ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඒකාබද්ධ විපක්ෂයේ නායකවරයා ඇතුළු තවත් මන්ත‍්‍රී පිරිසක් කරත්තයකින් පාර්මේන්තුවට පැමිණි අතර පොලිසිය විසින් පාර්ලිමේන්තු පරිශ‍්‍රයට පිවිසෙන්නට නොදීම නිසා උණුසුම් තත්වයක් ඇති විය.

වීඩියෝව මෙතනින්

256 views

31 Comments to “පෙට‍්‍රල් නෑ.. මහින්ද රාජපක්‍ෂ පාපැදියෙන් පාර්ලිමේන්තුවට..[Video/Photo]”

  1. gayan says:

    mahinda ratata kala yahapathdeya nodakina kalakanni dushta sinhalayata anagathayak nomatha

  2. අඤ්ඤකොරස්රොස් says:

    අනේ…….හු හු හු හුක්කි හුක්කි හු හු හු …

  3. Asoka says:

    මහින්ද ඇතුළු සිකුරිටි එකේ 60ක් පමණ නාදය යන්නේ ඩීසල් වාහන වල මිසක් පැට්‍රොල් වාහන වල නෙමෙයි. ඒවාට ගෙවන්නෙත් ආණ්ඩුවෙන්

Main News