පෙට්රල් හිගයෙන් IOC නිදොස් කොට නිදහස්.. වරද අපේමයි..- ඇමති අනුකමිටුව කියයි..
November 16, 2017 at 3:28 am | lanka C news
පසුගියදා ඇති වූ පෙට්රල් හිගයට වගකිව යුත්තේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්රධාන නිලධාරීන් යයි ඒ ගැන සොයා බැලීමට පත් කරන ලද කැබිනට් අනුකමිටුව සිය වාර්තාවේ සදහන් කර ඇත.
සරත් අමුණුගම, අනුර යාපා, චම්පික රණවක, අර්ජුණ රණතුංග යන අැමතිවරුන්ගේ සමන්විත වූ මෙම කැබිනට් අනුකමිටුව නිර්දේශ කර ඇත්තේ මෙම ගැටළුව සදහා වගකිව යුතු නිශ්චිත පුද්ගලයින් හදුනාගැනීමට තාක්ෂණික දැනුම් ඇති නිලධාරීන් තිදෙනෙකු පත් කල යුතු බවයි.
කෙසේ වෙතත් අදාල පෙට්රල් හිගය ඇති වූ මුල් අවස්ථාවේදී ආණ්ඩුවේ පාර්ශවයෙන් දැඩිව කියා සිටියේ ඉන්දීය තෙල් සමාගම ඊට වගකිව යුතු බවයි.
නමුත් අනුකමිටු වාර්තාවේ ඉන්දීය තෙල් සමාගම සම්බන්ධයෙන් එවන් චෝදනාවක් එල්ල නොකරයි.
anunge weradi apita damagena pitarata adikaranayak damagena api weradi kiyana government ekakane meka , owa sulu dewal.