පෙට‍්‍රල් 200 වෙන්න කලින්, ලංකා පිල 200ක් ගහන්න කලින්, ඩොලරය රුපියල් 200 පැනීම ස්ථිරයි..

September 23, 2018 at 2:10 pm | lanka C news
පෙට‍්‍රල් 200 වෙන්න කලින්, ලංකා පිල 200ක් ගහන්න කලින්, ඩොලරය රුපියල් 200 පැනීම ස්ථිරයි..

පවතින තත්වය යටතේ ඉක්මනින්ම 200 ඉක්මවන්නේ ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල්ද, පෙට‍්‍රල් ලීටරයක මිල ද, එසේත් නැතිනම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 200ක් ලබාගැනීමද යනුවෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන ලද පවත්වන ලද මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කලේය.

ඊට පිලිතුරු දුන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ ස්ථිර වශයෙන්ම ඉක්මනින්ම 200 ඉක්මවන්නේ ඩොලරය හමුවේ රුපියල බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී මෙම මාධ්‍ය හමුව පැවැත්වින.

13 views
Main News