පෙන්ෂන් ගෙවුවොත් තවත් අවුරුදු 25ක් වත් රට පවත්වාගන්න බෑ..- කම්කරු ඇමති

July 10, 2018 at 6:29 am | lanka C news
පෙන්ෂන් ගෙවුවොත් තවත් අවුරුදු 25ක් වත් රට පවත්වාගන්න බෑ..- කම්කරු ඇමති

මහජනතාවට ඇහුන්කම් දෙන නිලධාරීන් පිරිසක් වහාම සෑදිය යුතු බවත් එසේ සේවය කල නොහැකි නිලධාරීන්ට ස්ථාන මරු ලබා දීමට වහාම පියවර ගන්නා බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමති රන්වින්ද්‍ර සමරවීර මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ නියෝජ්‍ය සහ සහකාර කම්කරු කොමසාරිස්වරුන් වෙනුවෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ පැවැත්වූ සම්මන්ත‍්‍රණයකට සමභාගි වෙමිනි.

සමහර ආකාරයක්ෂම නිලධාරීන්ගේ ක‍්‍රියාකලාපය පිළිබදව අදහස් දක්වමින් පැමිණ සිටි පිරිස ඇමතු අමාත්‍යවරයා පැවසුවේ කම්කරු කාර්යාල වල වැඩ ප‍්‍රමාද වන බවට තමන්ට පැමිණිලි රාශියක් ලැබී ඇති බවයි. එවන් ප‍්‍රමාද දෝෂ ඉදිරියේදී සිදු නොවීමට වගබලා ගතයුතු බැවින් රජය පවසන දේ ඉටු කිරීමට නිලධාරීන් බැදී සිටියයුතු බවටද අමාත්‍යවරයා මෙහෙදී අවධාරණය කළේය.

සම්මන්ත‍්‍රය අමතමින් වැඩි දුරටත් අමාත්‍යවරයා මෙසේද පැවසුවේය.

‘වතුකරයේ අහිංසක ජනතාව නොයෙක් ප‍්‍රශ්ණ මත ජිවත් වන්නන්. ඒ පිරිස් පොඩි ප‍්‍රශ්ණයකට පවා කම්කරු කාර්යාලයට පැමිණෙන විට විවිධ තරව්කාරයන්ට හසු වෙනවා. මේ අහිංසක මිනිස්සු සමහරක් කොළඹ දැකලවත් නැහැ. ඔවුන් ඔවුන්ගේ ප‍්‍රශ්ණ හමුවේ කොළඹ පැමිණි විට මෙවන් කූට ජාවාරම් කරුවන්ට හසු වෙනවා. මෙවන් අසාධාරනකම් වලින් අසරණ ජනතාව බේරා ගැනීම සදහා අපි මහ බැංකුව සමග එකතුවී ජංගම සේවයක් ද ආරම්භ කිරීමට සියළු කටයුතු සුදානම් කර අවසන්. යම්කිසි සහායක් බලාගෙන පැමිණෙන මනුස්සයන්ට නොසලකා හරින විට දැනෙන වේදනාව කොහොමද කියලා තමන්ගේ හදවතෙන් මුළින්ම අහන්න. කොහොම වුණත් සේවා දායකයාගේ කටයුත්ත ප‍්‍රමාද කරන්න අපට බැහැ.

විශ‍්‍රාම වැටුප් දැන් ලෝකයටම ප‍්‍රශ්ණයක් වෙලා. විශ‍්‍රාම වැටුප් ලබා දෙන රටවල් ඉදිරියේදී අනතුරක වැටෙන බවට ආසියානු සංවර්ධන බැංකුවෙන් අනතුරු අගවලා තියෙනවා. ලෝකයේ වගේම ලංකාවෙත් වයස් ගත ජනගහනය වැඩි වෙනවා. මේ තත්වය තුල විශ‍්‍රාම් ලබන්නන් වැඩි වෙනවා. ආසියානු සංවර්ධන බැංකුව අනතුරු අගවා තිබෙන පරිදි විශ‍්‍රාම වැටුප් ගෙවන රටවල් තවත් අවුරුදු 25 ක් වත් පවත්වා ගැනීමට නොහැකියි. ඒ නිසා දැන්ම අපි මේවාට විකල්ප සෙවිය යුතුයි. මේ පිළිබදව ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංකාවටත් උපදෙස් ලැබී තිබෙනවා. අපි මේ සම්බන්දයෙන් මේ වන විට කම්කරු හා වෘත්තීය සමිති සහ අනෙකුත් සම්බන්ද පාර්ශ්වයන් සමග සාකච්චා කරගෙන යනවා. නමුත් වෘත්තීය සමිති ඒ සම්බන්දයෙන් දරන මතය නම් සුභ වාදී නැහැ.

මොනවා හරි වුණාම මිනිස්සු උද්ගෝෂණ කරනවා. බෝඞ් එල්ලන් පාරේ ඉන්නවා. බෝඞ් එල්ලගෙන ඉන්නකොට දේවල් ලැබෙනවා නම් හැමෝම බෝඞ් එල්ලන් ඉන්න පටන් ගනීවි. මේ සියල්ල පිටුපස වෘත්තීය සමිති ඉන්නවා. ඒ වගේමයි හැකි සියළු දේ අපි වෘත්තීය සමිති සමග සාකච්චා කර ලබා දෙනවා. එම නිසා වඩා වැදගත් වන්නේ ප‍්‍රශ්ණයක් නොවන විදියට පහසුවෙන් විශිෂ්ට සේවාවක් සේවා දායකයන්ට ලබා දීමට අධිෂ්ටන කර ගන්න.

මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් නිමල් සරණතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර, ඇතුලූ දිවයිනේ සියළුම කම්කරු දෙපාර්තමේන්තු වලට අයත් සියළු ආයතන ප‍්‍රධානින් 50 කට අසන්න පිරිසක් සහභාගී විය.

– රන්වින්ද්‍ර සමරවීර

57 views

20 Comments to “පෙන්ෂන් ගෙවුවොත් තවත් අවුරුදු 25ක් වත් රට පවත්වාගන්න බෑ..- කම්කරු ඇමති”

  1. Nim says:

    HARAK GEN WADA ARAGENA
    MAS KADAYATA DENAWA WAGE.

    PENSION DEP. AKAN WADAK KARAGANNA AWURUDU 5 K
    PADALATH BARI WUNA KENEK ME.
    PENSION GIYA HAMA AWALANGU
    KASE WAGE.

  2. Nandasoma Suriyaarachchi says:

    මෙන්න කම්කරු ඇමතියට පෙනුන එකම දේ….!

    මැති ඇමතිලට අවුරුදු 5ක් නිකම්ම හිටියත් ජීවිත කාලයටම පැන්ෂන්…..!!

    රජයේ සේවකයො අවුරුදු 30-40ක් කඹුරල ගන්න පෙන්ෂන් එක විතරමයි නේද දැක්කෙ?

  3. David Milli-banda says:

    Yahapalana Meeharak……………

    Did you read that China has donated USD 1b to Pakistan to prop its foreign reserves Yesterday.
    Open your bloody eyes.

  4. ftt says:

    රට කරන්න නොදන්නා මේ වගේ දේශපාලනයකට ඇ. ඩොලරයේ අගය ඉහල යන එක නවත්තගන්න බෑ. මේ වගේ අය තමන්ගේ නොහැකියාව ප්‍රදර්ශනය කරන්නේ නැතුව දේශපාලනයෙන් අයින්වුනේ නැත්නම් තව අවුරු 5 කින් බදු ගහලම රට ඉවර කරයි. 88/89 වගේ භීෂණය කරන්න විතරයි, තර්ජනය කරන්නයි, සල්ලි කොල්ල කන්නයි විතරක් දන්නා දාමරිකයින් පොහොසත් ,, ජනතාව දුප්පත්

  5. Yahapalana says:

    සෑම දෙයක්ම ආදර්ෂයෙන් පෙන්වීම වඩා හොදයි. මුලින්ම මැති ඇමතිවරුන්ගේ අවුරුදු පහේ පෙන්ශන් එක නවත්වලා ආදර්ශයක් දෙමු. ඊළගට අවුරුදු 25 හ 30 කබුරලා ගන්න පෙන්ශන් එක නවත්වමු.

    මෙන්න කම්කරු ඇමතියට පෙනුන එකම දේ….!

    මැති ඇමතිලට අවුරුදු 5ක් නිකම්ම හිටියත් ජීවිත කාලයටම පැන්ෂන්…..!!

    රජයේ සේවකයො අවුරුදු 30-40ක් කඹුරල ගන්න පෙන්ෂන් එක විතරමයි නේද දැක්කෙ?

    රට කරන්න නොදන්නා මේ වගේ දේශපාලනයකට ඇ. ඩොලරයේ අගය ඉහල යන එක නවත්තගන්න බෑ. මේ වගේ අය තමන්ගේ නොහැකියාව ප්‍රදර්ශනය කරන්නේ නැතුව දේශපාලනයෙන් අයින්වුනේ නැත්නම් තව අවුරු 5 කින් බදු ගහලම රට ඉවර කරයි. 88/89 වගේ භීෂණය කරන්න විතරයි, තර්ජනය කරන්නයි, සල්ලි කොල්ල කන්නයි විතරක් දන්නා දාමරිකයින් පොහොසත් ,, ජනතාව දුප්පත්