පෙම්පලහිලව්වක් නිසා යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවියක් ගෙල වැලලාගෙන දිවි නසාගනී..
January 31, 2019 at 8:02 am | lanka C news
යාපනය විශ්වවිද්‍යාලයේ කලා අංශයේ ඉගෙනුම ලබන සිසුවියක් ගෙල වැලලාගෙන සියදිවිහානි කොටගෙන ඇති බවට චාවකච්චේරි පොලීසිය කියා සිටයේය.
යාපනය විශ්වවිද්‍යාලයේ කලා අංශයේ දෙවන වසර ඉගෙනුම ලබන 22 හැවිරිදි ශ්‍රීධරන් කෝකිලමදී නැමති සිසුවිය ඇගේ නිවස ඉදිරිපිට පිහිටි ගසක ගෙල වැලලාගෙන සිටියදී නිවසියන් දැක එම අවස්ථාවේම සිසුවිය රෝහල්ගත කලද රෝහලගත කරන විටත් සිසුවිය මිය ගොස් සිටි බවටද පොලීසිය කියා සිටියේය.
චාවකච්චේරි නූනාවිල් ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවියගේ සියදිවිහානි කරගැනීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් ඇය මෙසේ සිය දිවි හානි කොට ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන චාවකච්චේරි පොලීසිය සැක පල කොට සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
අනේකා ජාතී සංසාරේ…..
North is disturbed…………. Is it retribution ?