පෙම් යුවලක් එකම කඹයකින් ගෙල වැලලාගෙන මියයයි..

September 10, 2020 at 12:40 pm | lanka C news
පෙම් යුවලක් එකම කඹයකින් ගෙල වැලලාගෙන මියයයි..

කිලිනොච්චිය පෙරියපරන්තන් ප්‍රදේශයේදී තරුණයෙකු හා තරුණයික් එකට ගෙල වැලලාගෙන සියදිවි හානිකොට ගෙන සිටියදී මළ සිරුරු අද (10) උදෑසන හමු වූ බවට  කිලිනොච්චිය පොලීසිය පවසයි.

පෙරියපරන්තන් ඕසියර් මන්සන්ධියේ පිහිටි කැලෑබද ප්‍රදේශයක එම තරුණයාගේ සහ තරුණියගේ මළ සිරුරු ප්‍රදේශවාසියෙකු විසින් දැක පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය එම ස්ථානය ගොස් පරික්ෂණ සිදු කරන ලදි.

සිය දිවි හානකොට ගෙන ඇති තරුණයා හා තරුණිය පසුගය 04 වනදා සිට අතුරුදහන්ව ඇති අතර මළ සිරුරු සොයාගන්නා අවස්ථාවේද තරමක් නරක් වී තිබුණු බවටද පොලීසිය පවසයි.

මෙලෙස සිය දිවි හානි කොට ගෙන ඇත්තේ පෙරිය පරන්තන් ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සුසිධරන් හා රත්නපුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තනූසියා නැමති අය බවට හඳුනාගෙන ඇත.

ලනුවක් ආධාරයෙන් එකම ගසක එල්ලී ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති මෙම යුවල ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන ඇති වූ ගැටලුවක් හේතුවෙන් මෙලෙස සිය දිවි හානිකරගන්නට ඇති බවට පරික්ෂණ සිදු කරන කිලිනොච්චිය පොලීසිය සැක පල කර සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

68,727 views

6 Comments to “පෙම් යුවලක් එකම කඹයකින් ගෙල වැලලාගෙන මියයයි..”

  1. SLCommunity says:

    ඇත්තටම ආදරය කරනව නම් කොහෙ හරි කමක් නෑ හොදින් ජීවත් වෙන්න හිතට ගන්න නිකන් මැරෙන්නෙ නැතිව. මොන ප්‍රශ්න ආවත් දෙන්නම එකට ඒ හැම දේකටම මුහුණ දීල හැමදාම හොදින් සතුටින් ආදරෙන් දුක සැප එකට විදගන්න පුරුදු වෙන්න. නියම ආදරේ කියන්නෙ කියන්නෙ ඒකටයි. එතකොට මේ ලෝකෙ මීට වඩා ගොඩාක් ලස්සන තැනක් වෙයි හැමෝටම. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ…

  2. US marine man says:

    Idiots who don’t know life is better than the death.

  3. වර්ණපුර says:

    එකට මැරෙන්න පුලුවන්නම්, කොහේට හරි ගිහිල්ල එකට ජිවත් වෙන්න බැරිද. දැන් කොහේ හරි අපායකට ගිහිල්ල දුක් විඳිනව ඇති.

  4. Love nature says:

    ලෝකය පෙරලෙයි කාලේ ගෙවී යයි….මරුවා ලගා වෙනවා…..සිතුදේ නොම වෙයි…නොසිතු දෙයක් වෙයි…ලොව දම් කැරකෙනවා….

  5. MD says:

    අවසානයේදී හෝ යමක් පිරිමහගෙන වැඩ කරගන්න යන පාඩම ගමට රටට පෙන්වා ගොස් තිබීම ගැන සතුට පල කරමු.ලබන ආත්මෙ ඔබ දෙපලට සුභ මංගලම්!

Main News