පෙරටුගාමීන් ඉවර කර දැමිය යුතුයි..- ඇමති විජේදාස

August 18, 2018 at 6:30 am | lanka C news
පෙරටුගාමීන් ඉවර කර දැමිය යුතුයි..- ඇමති විජේදාස

රටම විනාස කරන හොර තක්කඩින්ට කියන එක නමක් නම් ‘පෙරටුගාමීන්’ යැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමති විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

රට පාලනය කරන්නේ නම් ඊට කලින් පෙරටුගාමින් අවසන් කළ යුතු බවත් එසේ නොවන්නේ නම් පෙරටුගාමී පාතාලයට රට බාර දිය යුතු බවත් ඇමතිවරයා සඳහන් කළේ සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පෙරටුගාමීන් විසින් කැට වලට එකතු කරන මුදල් කිසිදු සරසවි සිසුවකුගේ යහපතට යොදවා නැති බවත් ඒවා එකතු කරගෙන ගොස් හැන්දෑවට කසිප්පු බොන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

එම මාධ්‍ය සඳහා නවක වද හිංසනයට පත්වූ නවක සරසවි සිසුන් කිහිප දෙනෙකුත් සහභාගි වී සිටීමද විශේෂත්වයකි.

573 views
Main News