පෙරටුගාමීන් පැවැත්වූයේ නිහතමානී විරෝධතාවයක්..- සජිත්

June 11, 2020 at 12:02 am | lanka C news
පෙරටුගාමීන් පැවැත්වූයේ නිහතමානී විරෝධතාවයක්..- සජිත්

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පවත්වන ලද නිහතමානී උද්ඝෝෂණයට සිදුකල පහරදීම තමන් තරයේ හෙළා දකින බව ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඇමරිකානු කළු ජාතිකයෙක් මරා දමමින් එරට පොලිසිය විසින් එල්ල කළ ප්‍රහාරයට විරෝධය පළ කරමින් මෙරට දී පැවති එකී විරෝධතාවය පැවැත්වීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇතැයි ද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ විරෝධතාවයට එල්ල කරන ලද පොලිස් ප‍්‍රහාරය ගැන මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමිනි.

199 views
Main News