පෙරටුගාමී විරෝධතාවට පහර දීම කුරුරියි.. සාහසිකයි.. මං හෙලි දකිනවා..- චන්ද‍්‍රිකා

June 11, 2020 at 5:30 pm | lanka C news
පෙරටුගාමී විරෝධතාවට පහර දීම කුරුරියි.. සාහසිකයි.. මං හෙලි දකිනවා..- චන්ද‍්‍රිකා

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය විසින් සංවිධානය කරන ලද විරෝධතාවයට පහර දීමට තම දැඩි විරෝධය පල කරන බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

තම ෆේස්බුක් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඇය මේ බව කියා සිටී.

අදාල සම්පුර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.

—–

“බ්ලැක් ලයිව්ස්” ව්‍යාපාරයට සහාය දැක්වීම සදහා සාමකාමී විරෝධතාවක නිරත වූ පිරිසක් ඉලක්ක කර ගෙන ඉකුත් 09වන දා පොලීසිය විසින් එල්ල කරන ලද කුරිරු සහ සාහසික ප්‍රහාරය මම ඉතා පිළිකුලින් යුතුව හෙළා දකිමි.

මෙම් සාමකාමි විරෝධතාව නීති විරෝධි බවට රජය විසින් සිදු කරන් ප්‍රකාශය කිසි ලෙසකින් වත් පිළිගත නොහැකිය. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක, රටේ නීතිය උල්ලංඝණය නොවන ආකාරයේ විරෝධතාවක නියැලීමට සෑම පුරවැසියකුරටම එක හා සමාන අයිතියක් තිබේ.

එම මහජන අයිතියට ගරු කිරීම නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගේ එනම් පොලීසියේ පාරිශුද්ධ යුතුකමකි. එම පුරවැසි අයිතිය උල්ලංඝණය නොකර සහතික කිරීමට හා ආරක්ෂා කිරීමට ඔවුහු නියත වශයෙන්ම බැදී සිටිති.
ජනවාර්ගිකත්වය, ආගම, දේශපාලන මතවාදයන් නොසලකා සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම මූලික අයිතිවාසිකම් සහතික කරන මෙන් මම රජයෙන් ඉල්ලා සිටිමි.

එවිට අප රට තුල පුද්ගල නිදහස සහ මෙත්තා ගුණය ආරක්ශා වනු ඇත.

-චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග –

– President CBK FB

587 views
Main News