පෙරටුගාමී විරෝධයේදී පොලිසියට මුලින් පහර දුන්නේ විරෝධතාකරුවන්.. පොලිසිය ප‍්‍රති ප‍්‍රහාර එල්ල කලා පමණයි..

June 11, 2020 at 3:00 pm | lanka C news
පෙරටුගාමී විරෝධයේදී පොලිසියට මුලින් පහර දුන්නේ විරෝධතාකරුවන්.. පොලිසිය ප‍්‍රති ප‍්‍රහාර එල්ල කලා පමණයි..

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේදී පවත්වන ලද උද්ඝෝෂණය පාලනය කිරිම සදහා පොලිසිය මැදිහත් වූ අවස්ථාවේ මුලින්ම පහර දුන්නේ විරෝධතාකරුවන් විසින් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඒ බව පටිගත කරන ලද වීඩියෝ දර්ශන වලින් පැහැදිලිව පෙනී ගොස් ඇතැයිද ඔහු සඳහන් කළේය.

එම පහර දීමට එරෙහිව ප්‍රතිප්‍රහාරයක් ලෙස පොලීසිය විසින් පහරදීමේ දී අදාළ තත්ත්වය නිර්මාණය වූ බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් එම ප්‍රහාරය ජනාධිපති හෝ කැබිනට් මණ්ඩලය අනුමත නොකරන බව ද ඔහු කීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කළේය.

6 views

17 Comments to “පෙරටුගාමී විරෝධයේදී පොලිසියට මුලින් පහර දුන්නේ විරෝධතාකරුවන්.. පොලිසිය ප‍්‍රති ප‍්‍රහාර එල්ල කලා පමණයි..”

  1. sumith says:

    It seems that organised group trying to unpopular the government, who are opposed to the government policy, there may be link of killing 1.5 million tree wheeler ‘s head.

  2. prabath says:

    Anunge koratu asseh ringanna giyama ohoma thamaaa

  3. praba says:

    බන්දුල ගුණවර්ධන මහත්තයාලට තේරෙන්නේ නෑ. හැබැයි ගරු අගමති තුමාට නම් දැන් තේරිලා තියෙන්නේ. මේ පොලිස් කාරයෝ ටික පසුගිය රජය සමයේ පත්වුන අය. මේ අයට අවශ්‍ය දේ මේ අවස්ථෘවේ ඉටුකරගත්තා. ඒ අයට අවශ්‍ය මේ පවතින රජය අපහසුතාවයට පත්කර ජන්ද අඩුකිරීමයි. මේ කුමන්ත්‍රණයට රැවටෙන්න එපා. මේ පොලිස් කාරයෝ ටික එලවා දමා පොදු ජන එක්සත් පෙරමුණට ජන්දෙ දීපු පොලිස් නිලධාරීන් පත්කරන්න.

Main News